"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Friday, November 17, 2017
Sunday, June 11, 2017
පෙම් හටන
පෙම් බඳින්නට
වෙරදරමි මම
අයෙමත් වතාවක්
මගෙම පෙම්වතිය වෙත....
නුඹ නොමැත මගෙ ලඟින්.....
ඇත සබඳ ඔහු ලඟම...
අමුත්තකු වී සියොළඟම....
සලිතවී යයි ළමැද...
හුරු පුරුදු උණුහුමට
උරුම කම් කියන්නට...
තරඟයක යෙදෙන්නට....
නොමැත මට පෙරවිරිය...
ගෙන දිරිය...
හදවතට
මුදා හැර කඤ්චුකය......
මුලපුරමි සටනකට......
ජයක් නම් හිමි නොවන.....
මගෙම ලේ සුවඳකට.....
පුදා මුදු ආදරය.....
අවනතව හිස නමමි
පරාජිත සිහිනයට....
Tuesday, April 18, 2017
වටාරම
හදවත පැකිලෙයි
කළු සුදු ඉරි මත
සිතිවිලි වැලපෙයි
ඉඳහිට හෙමිහිට
අමතකවුනු ප්‍රේමය
හදිස්සියෙම පැමිණ
අවුස්සයි විරාගික සුන්බුන්
සොය සොයා
හදවතේ කළුපෙට්ටිය
සම්මතයට ඇති
අනියත බියමත
සමාප්තියට පිටුපාමි
අපලාපනය කොට යථාර්තය
නොදන්නා අනාගතයට බය
ගතානුගතික වර්තමානය
යලි යලි අවුස්සයි
අතීතය නම්
නිමක් නැති කුණු බක්කිය
පසසමි ගරහමි
මංම මගෙම හිත
හංගනවට
මටම හිතෙන දේවල් මට
ලැජ්ජාවට බය
මේ පුදුම ලෙන්ගතුකම
නැවතුම්පලක් සොයයි
ගිමන් හරින්නට....
නිමේශයකට....
Tuesday, April 4, 2017
Monday, January 30, 2017
පවාරණය
තරඟයෙන් ඉවත්වෙමි.....
කාලය නවත්වමි....
තත්පර කටුව මත....
වකුටුවී නිදන්නෙමි.....
හිත පමණක් අවදියෙන්....
මං ගැනම සෝදිසියෙන්....
රීරිසියාවට විතරක්
රිදෙයි මේ චරියාවෙන්....
හති වැටෙන්නේ නැති කමින්...
හදවත විමතියෙන්.....
හැරි හැරී බලයි ආ මඟ දෙසම
ආතතියෙන්......
කියවන්න කම්මැලිම
අතීතයේ පාරට්ටු......
හොරැහින් ඉඟිමරයි
යටි හිතට කර තට්ටු....
අනාගතයක් කොහෙද....
වර්තමානයට වග නොකියන.....
පහන් තරුවක්
ඇතිද නිදහසට මඟ කියන.....
Sunday, January 29, 2017
Thursday, January 5, 2017
Subscribe to:
Posts (Atom)