Friday, November 18, 2016

ඇල්ම


සෙනෙහසකට
විස පොවා සනසවා......
අභිමතයට
අමතක කෙරුවෙමි මං.....
සිතුවමකට...
පණ පොවා....
රවටලා.....
අදහසකට පෙම් කෙරුවෙමි මං....

අනිමිසයක.....
දුක විඳින නුවන්....
අනියමයක.....
සුව විඳින ලවන්.......
හිතින් හිතට
එබිකම් කල ආලය......
ඇලී ගැලී.....
නැවතිලා මොහොතකට....
උණුහුම මත
හති හලන ගමන්.....
නොදැමුණු සිතිවිලි
නිවයි ගිමන්.....