Monday, September 12, 2016

දෙගිඩියාව


ඇවිද යමි මම
අනන්තය වෙත
මතක අහුරන් කඩමාල්ලක
හීන පුරවන් සාක්කුවේ.....
හෙමින් එක දෙක කාන්දුවේ...
හදවතේ බර හෑල්ලුවේ....
ගාට ගාටා පසුපසම විත්
සතුට දුක හා හේත්තු වේ....
ඈලියාවට යන්ට ඉඩදෙමි....
ප්‍රේමයට මං නිවාඩුවේ.....

බලාපොරොත්තුව
දෑස බැඳගෙන...
වෙලී ප්‍රේම බැන්ජියේ....
නිදහසේ අත්හලෙමි රාගය....
ඉපිල එන්නට ආයෙ දවසක....
නොපිට පෙරලා
දැවෙන උදහස.....
මකා දැමුවෙමි කිළිටි අදහස.....
ලොවට අමතක වසන්තයේ.....
මතකයන් එහි අඩංගුවේ....

2 comments:

Duminda Abeysekara said...

අපූරු කවි සිත්තමක්.

ජයවේවා!!!

නිම්නයක තනි වී හීන දකින්නී. said...

හරිම අපූරුයි... දෙවැනි කවිය තමයි වඩාත් අපූරු