Wednesday, September 21, 2016

විපර්යාසය


යලි උපන්නෙමි
පසු තැවෙන්නෙමි
මෙතෙක් හුන් ගබ සුවය අහිමිව
අඳ දෙනෙත්
මත එළිය වගුරා
බලකරන්නෙමි.....
කියන්නට මඟ......
වංගු මැද්දෙන් සිරස් රේඛා...
සොයන්නට
වක් සිතට අණකොට.....
සොයා නිදහස
සැරි සරන්නම්....
නිමක් නොපෙනෙන...
අඳුරු නුබ කුස....

Monday, September 12, 2016

දෙගිඩියාව


ඇවිද යමි මම
අනන්තය වෙත
මතක අහුරන් කඩමාල්ලක
හීන පුරවන් සාක්කුවේ.....
හෙමින් එක දෙක කාන්දුවේ...
හදවතේ බර හෑල්ලුවේ....
ගාට ගාටා පසුපසම විත්
සතුට දුක හා හේත්තු වේ....
ඈලියාවට යන්ට ඉඩදෙමි....
ප්‍රේමයට මං නිවාඩුවේ.....

බලාපොරොත්තුව
දෑස බැඳගෙන...
වෙලී ප්‍රේම බැන්ජියේ....
නිදහසේ අත්හලෙමි රාගය....
ඉපිල එන්නට ආයෙ දවසක....
නොපිට පෙරලා
දැවෙන උදහස.....
මකා දැමුවෙමි කිළිටි අදහස.....
ලොවට අමතක වසන්තයේ.....
මතකයන් එහි අඩංගුවේ....