Thursday, December 17, 2015

පාපොච්චාරණය...


මම කැමති වුනත්
ලැම්බට් වෙන්න....
ඇය කැමති නෑ
හෙම්බත් වෙන්න...
මම එකඟ වුනත්
ගෙම්බෙක් වෙන්ට
ඈ බෑම කියයි
හාදුවක් දෙන්ට....
රොමාන්තිකම වුනත්
ඇගේ රහ ජංගි...
අන්තිමේදි මට ඉතුරු....
මල්පාත්ති හන්දි........
ඉනාවක් නැති පවක්....
හිස් ගතිය පිරි ලවක්....
පින්සෙන්ඩුවුනා ඇති...
අළුත් නැව ලෙඩ ගොඩක්.....
ජීවිතේ පල්වෙන්ට.....
තනි අතෙන් රජ වෙන්ට......
හීන හීනිව ඔතන්.....
කාමරේ පැලවෙන්ට...........
ඔරිගමියක් තරම් වත්.....
නොවටින ආදරය.....
අරන් පලයන් යන්ට........
සිනාවත අකුලන්ම.....

Thursday, December 3, 2015

ආමන්ත්‍රණය


අමනකම
උඹයි මගෙ
දෙවැනි නම....
බමණ මත
මකයි හිත
නිවට කම.....
පරණ මම...
අකමැතියි දකින්නට...
ආයෙමත්
වසන්තය….
නවමු පෙම......
කියයි මට හැරෙන්නට...
නිහඬවම
අවනතව
නෙතින් නෙත….
ගෙරවුමට
වඩා සැර මදහසට
හිස නමා
හැඟුම්බර…..
විසෙන් විස
නසන්නට අරඳින
අතීතය
වරින් වර.....
මතකයේ
අඳුරු මුළු
සොය සොයා…
කළඹවයි
අනන්තය......

Sunday, November 22, 2015

කුහකකම...


සංසර්ගයෙන්
ස්වර්ගය
සොයන...
ගන්ධම්බයෙකු හට..
එහි අර්ථය....
කියාදෙනු නොහැක
මට....
පාගගෙන
මගේ වල්ගය......

Sunday, November 15, 2015

හපේ...


අපේ තීරුවෙ
ඇති ලපේ දැක
කිතිකැවී හිත දස අතේ...
සක්මන් කරයි
ඉක්මන් වෙමින්...
තනියම හිමින් යන
හද හොරෙන්
ඔසවා දැහැන් බිඳි අවසරෙන්...
මිරිකා වැරෙන්....
කක්ෂය යටින්..
මුහුවෙනා
සඳුන් පුසුඹට ලොබින්....
මුසපත් වෙමින්..
බරවුනු කිළින්..
හැලේ උණුහුම සියොලඟින්....
ඇසිල්ලෙන්
යලි ගැස්ම ඇරඹී...
වැස්ම පියවී
රස්නෙ ගිලිහී....
පිට ඔපේ යට
ඇති හපේ දැක
හද හලයි
සැනසුම් සුසුම්.....

Sunday, August 23, 2015

හ්ම්ම්.....


කොහේදෝ හිටං
කදෝපැණියෙක්.....
කඩා වැදිලා
විනාස කලා නෙව
කුළුඳුල්.......
භූමිකා නිරූපණ
රමණය.....
රොමාන්තික ෆැන්ටසියම.....
ඇල් වතුරෙ.....
දැකල සුදු කරමලය....
අඩ අඳුරෙ.....

Sunday, August 9, 2015

සම්මුතිය


අඳුරු ගුහාවක
සෑඟවී ඉන්නෙමි....
රුදුරු මගෙම
සෙවනැල්ලෙන්.......
එළිය නොමැති තැන
අඳුරක් නැති බව.....
සිත කොඳුරයි
සැනසිල්ලෙන්.....
ගැහෙන ළැමෙහි බර...
නොදැන රඟන හිස්
අහංකාර
හසරැල්ලෙන්......
මුහුවෙන්ට විනා
බැහැ යන්ට පලා.......
මේ හිරු මියගිය
හිමිදිරියෙන්.....

Saturday, July 4, 2015

බඹරය....


ඉමි...
බොමි...
ලමි...
නිදමි....
හතිලමින්...
මියෙන්නට...
වෙර දරමි.......
ආයෙමත්
ලොබ බඳිමි.....
නැවත..
කමි..
බොමි..
නිදමි....
සිහිනයෙන්..
හඬ තලමි....
අනියමය
පසිඳලමි......

Saturday, June 20, 2015

කල්පනාව


හඳ වැටිල වතුරට
කැළතිලා
සැඩ පහරට....
විසිරෙනා එළියට
නොලියවුනු කවි
මැවෙයි හිත යට.....
ඉඟිමරා අඳුරට....
සැරිසරන
මුදු මඳනල...
උණුහුමට සැඟවෙන
කියඹුවැල් ඇගෙ
සොයයි රහසින....
දෑඟිලින් සිරකොට....
තබා ගන්නට සදහට...
පෙරුම් පිරුවට
මගෙ හිත.....
අමුණු මොකටද
ගලන ගඟකට......

Thursday, May 28, 2015

අනුතාපය


දෑස නොසලා
අවදියෙන් ඉමි
දැවෙන හදවත් වාරුවෙන්.....
මගෙම පිළිකුල් අසුර වෙස
නෙත ගැටී.....
නොම දැනී හැඳි පිළි සිඳී.....
සෙළුව අළු හා මිතුරු වී.......
සිතුවිලි ලිහී....
ගත උමතුවී......
කල....
උදහසේ කෙළි නෙත ගැටී...
සියොළඟින් ජනිතවූ විළියෙන්.....
නොමළ නුවණැස පැනනැඟී.....
සුරත් වත සමඟින් මිදී..
සැඟව යන්නට අර අඳී....
ළහිරු අබිමුව...
ගැහෙන පිණිබිඳු සේ
මහද දුක ලඟ වැටී......
ඔබා දණ බිම......
කමා යදිමින......
මගෙම පිළිඹිබුවට වඳී....

Tuesday, May 12, 2015

සවිරාම ප්‍රේමය...


බැල්මකට නතුවී
පත්තුවී...
මහද රෑ මැද සදා අවදියෙන්...
එක හීනෙකට කොටුවී.....
ලැබූ සුව අහිමිවී...
මැකී වියැකෙමින්....
සරන සියොතුන් ආකාහේ.....
බලයි මා දෙස...
දැන් අරුමයෙන්....
අහිමි වූ සෙනෙහේ...
මතකයන්.....
සැලෙයි උණුහුම සමඟ සියොලඟින්........

නෙතට නොපෙනෙයි....
සුමට වට පැහැ....
ගතම දැල්වෙයි...
දැනී පෙම් රහ.....
කියන්නම් කතන්දරේ......
නිදැල්ලේ පෙරම්බරේ....
මැවෙන කිරණේ......
සළුව දිගහැර....
සෙළුව මත හිඳ....
නළුව නිමකොට......
වසා සිහින යන්තරේ......

සිතැඟි ඇවිළෙයි...
ගැටී නුඹ ඇහැ....
මසිත මුමුණයි
නොකී පෙම් බහ...
විඳින්නම් සුසුම් සරේ.....
අගුළුලා නුවන් දොරේ.....
මැවුනු සිහිනේ...
ලියා ලඝු කොට.....
දෙහද අතරේ හොවා සිරකොට...
සැඟව යමු අනන්තයේ....

Sunday, March 15, 2015

ඊට පස්සෙ.....


නිල් පාට රෝස මල....
තෙල් පාට....
මූණ උඩ....
ඇල්මැරුණු හීනවල.....
රහ බලනවා.....
සිල් බින්ද සළු අගට....
පණ දෙන්ට
නැහැ වචන...
හති හලන ලවන් මත...
සිත දුවනවා........

ඔබ එක්ක හීනවල....
දිග මැන්න රෑ.....
හිත අස්සෙ උපන් මල....
හංගන්න බෑ.....
නුහුරු නුපුරුදු හුස්ම....
වැදී පෙති ගිලිහෙන්න......
පණ ගැහෙනතුරු
ඔන්න ඉඩ දෙන්නෙ නෑ...

කාලයට ඉඩදෙන්න
සිහිනයට බෑ..
උණුහුමට සමුදෙන්න
හිත දෙන්නේ නෑ.....
සෙනෙහෙ මත නුරා සිල....
මැවී වියැකී යන්න.....
හුස්මකටවත් එන්න
ඉඩ දෙන්නේ නෑ........

Sunday, March 8, 2015

කටවහ....


දිගු කරන් හෙලි
තද කරන් කිළි
පෙනෙන නොපෙනෙන සේ රුවා.....
උදහසින් පිරි
කොළ නුවන් ඉරි
මදහසට කරමින් මුවා..........
අනුහසින් පිරි
මහ සභා මැද
අනුන් හෙළු පිළි සෝදනා......
හිස් අහස මත
මැවුනු තතු මත
කරන සහසක් චෝදනා.....
ලිඳ මගේ නම්
මා ලිඳේ නම්
කාටවත් ඇයි වේදනා..

Sunday, February 22, 2015

ඇසි දිසි.....


හඳ පායනකම්
බලන් ඉන්නකොට...
තරු එළිය
නොකියම ගෙට ඇවිත්....

Saturday, February 21, 2015

ප්‍රතිවිෂ.....


සිනා මුවින්
මම මුවා වෙමින්
බලා හිඳිම්
හිස් දෙනෙත් තුලින්.....
පිය වදනින්
නොබැන හිඳිම්..
සිතින් දරාගෙන
උරණ විකුම්...
උතුම් පැතුම්
වියැකෙමින් හෙමින්..
මිලාන හදවත
පිරෙයි පවින්....

බලාපොරොත්තුව
පතුල බිඳී.....
පතූ පැතුම් දිය යට සැඟවී....
සිතෙහි උපන් මල
නටුව මතම අද මිලානවී.......
අරුනළු සැඟවී...
කළු වලාකුලක් හදවත පිබිදී.....
මන්දාරම ඇත අද
මගේම වී......

සිහින සපත්තුව
පතුල ඉරී...
සිලිටි සිතෙහි රළු බොරළු හැනී.....
ළමැද උපන් දුක
සිහසුන මත අද සක්විති වී....
හිස ගිනි ඇවිළී.....
ඒ අළු දුහුවිලි කඳුලින් සරුවී....
විෂ මලක් පිපී.....
ලොව වුවන සිඹී......