Wednesday, July 23, 2014

මං...මුලා...


පාට පාට මල්
වට රැඳි
ලීන හීනි වැල්...
මත වැද....
හතිහලනා....
නාකි බඹරෙකි මං....
කට මැත දොඩනා....
මූසිකයෙකි මං...

වියපත් උයන් පෙතක...
තනිකඩ මලින් ගහන...
බඹරෙක් ඇස නොගැටුනු...
නිකැළැල් කඩුපුල් සොයනා.....
තනිවම හඬනා...
බිළිඳෙකි මං....
නිල්වන් දැහැනේ....
සිරකරුවෙකි මං...

නිරුදක කතරක් මැද....
ඊතණපත් වදුළක..
හිරු මුවඟින් සැඟවුනු....
පිවිතුරු පිණි දිය සොයනා...
තනිවම හඬනා....
බිළිඳෙකි මං....
කඳුළලි සයුරේ...
සේලරුවෙකි මං....