Thursday, December 5, 2013

කැකුළ.....


ඈ හින වට
බැඳි මුතු පොට.....
බර වැඩිවුනු
සුබ පුවතට.....
නෙත ගඟුළකි...
හද පියුමකි.....
මුළු ලොව
පුන් මල් යහනෙකි......
දුක සතුටකි..
කඳුල සැපකි.....
බර අදහස්
තටුලන සෙකි....
සිතක සිතකි....
ගහෙන ළැමෙහි...
සිනා සලන...
කැකුළු රුවකි....
හද බිතු මත
මල් ලියලති....
රළු අහසේ
තරු නැලවෙති.....
නෙතු අද්දර
සිහින වැලකි....
ආදරයට
නව අරුතකි...