Tuesday, November 19, 2013

පොරොන්දුව....


බිඟු නද
ඇසුනිද ?
තනිකඩ සියපත
දළ හකුලාගෙන
ඉකි බිඳිනා.....
රිදවනු නොව
හිමිහිට රොන් ගන්නම්
එහෙත් නොවෙමි
මම සමනලයා....
ඇසුවෙද ? දුටුවෙද ?
මල් රොන් හැර
මල් සුවඳින්
සැනසෙන වන බඹරා....
පරවුනු මල ලඟ
ලතවෙනු බැහැ මට
කාලය කාගෙත්
පසමිතුරා....

සෙනෙහස වෙනසක
අනුහස විඳ සිඳි
අදහස් රහසෙම
ළමැද හොවා....
හිතවත්කම මත
නුරාව අතුරා
හිමිහිට වැතිරෙමි
යහන තලා.....

උදහස් අදහස්
පටු ඉරි මදහස්
සුරත් දෙතොල් පෙති
අතර රුවා....
ආපසු එන්නම්....
රොන් අරගන්නම්
යන්නම වෙයි
බැහැ වෙන්ට පමා....

Saturday, November 9, 2013

ගවේෂණය


ඇබිති....
වීදුරු
ජනේලයකින්
පෙරී එන
විසරිත
මන්දාලෝකයෙහි
එරී ගෙන....
මළානික
හිතේ ඇති සිහින පොත
එළාගෙන...
සත්‍යයෙහි
දිග පළල හොයමි
*ක ඉරාගෙන........

Friday, November 8, 2013

ශූන්‍ය


හුදකලාවෙච්චි
කඳුලයි...
පිරිවරාගත්තු
සතුටයි......
අස්සේ
තරු අරාගත්තු
අහසක....
සඳ මුවා වෙලා....