Thursday, October 10, 2013

ඊට පස්සෙ....


නින්ද රිදුම් දෙන
කොන්ද තවනවා......
සිහිල් සුලං
කෙහෙරැල් පටලනවා.....
ගත නැගි පිණි මුතු....
තෙමා මුවින්.......
උණුහුම් හදවත
පලා ගිහින්.....
සිතේ ලිහිල් සළු...
පොටින් එබී.....
ගතේ කෝල වට....
නුවන් සිඹී.......

හුස්ම ටික...
නවතා කොලොප්පම......
අස්වැසුම මවලා......
ගැස්මකට
නතුවී සරගී....
හීන අවදිවෙලා.....
කෑගසන්නට බෑ....
මට ආදරෙන්......
කොනිත්තන්නම්
සුමුදුවට
මල් හීසරින්.....

බැල්මකට නතුවී
ඔබේ ඔය
කැලුම් එළි සොයලා....
නිසංසල සිතේ
කලබල......
රූ රටා මැවිලා......
පලායන්නට බෑ....
සඳ කැන් මතින්..........
මත්කරන් මගේ
හද නුඹ හාදුවෙන්.....

No comments: