සඳ වත මත වැතිරී.....
බලා ඉමි මම
කාළවර්ණ අහස තුළ...
ඇස්පිල්ලමක වත්
ගහන්නට ඉස්පාසුවක් නැතිව....
ආදරණීය පොළෝතළය
දෙස...
ඉරිසියාවෙන් උනත්....
ලෙන්ගතුකමින් යුතුව...
හදා ගන්නට වලිකමින්...
ඇදුම් දෙන මයෙ පපුව.....
පිටුවාල් කල සතුට...
ඔච්චම් කරනවා මට...
මැවි මැවී...
පෙර වතක දුර මතක...
රතු කරයි
ඉරිතැළුනු හිස් දෙනෙත...
උස් පාත් වෙන සිහින....
අර අඳියි සටනකට...
තර්ක ඥාණය කොහිද......
හිඳ පැරද පළා ගිය....
ලෝකයට පිටුපාමි....
කෝපයට හිස නමමි....
හීනියට හීනවල.....
දිග පළල උස බලමි.....
තාරුකා නෙත් එපා...
මගෙ ලොවට එබෙන්නට...
හිත මිතුර මගෙ අඳුර....
වෙනවාද මගෙ සොඳුර....
වීදි රේඛා අතර තනිවමයි
ඔබෙ මතක....