Sunday, December 30, 2012

Aqua Tofana....



කුළුගෙඩියකට
යටවී මළ
මිණිගෙඩිය...
තවමත් රැව් දිදී
පාරයි...
හද කුටිය......
මෝරන කැකුළු
සිතිවිලි
මල් අමතමින......
පවසනු නොහැක ඒ වත
හඬ ගොරහැඩිය....

සිත් අග ලෙළෙන
උදහස නෙත් කැනින් මකා.....
ලත් හිරු සේම
පෙරඹර ලප කැළැල් අකා....
රෑ අඳුරකට පෙම් බැඳ
දොර පියන් වසා......
පත් ඉරු මලෙක
විස ලූ වෙමි හැඟුම් නසා.....