Saturday, September 8, 2012

කරකම....



තියාගන්ට තදකොට
ඉවසා
යෙදුවට තැත.....
කියන දෙයක් නාහන
මයෙ
අකුරු දෙකේ හිත.....
සබකෝලය
මුහුවුනු.....
සිනහව යහපත්කම....
ගොම්මන් අඳුරට
නොපෙනෙයි
ඒ දුප්පත්කම....

දකින දකින
මල්පෙති යට රැඳි
කෑඹළ වට
සොයා ඇදෙයි
පරදා
එක් දහස් එකක් මත....
මටම දමන
මගෙ ගැට....
එතිලා සිතුවිලි මත....
හදවත පැත්තකටවෙලා...
ඉඩහැර තිදොසට..

සීතල වටයා
රවුමට....
මුහුකොට තනිකම....
ගැඹුරට වැදිලා
හද දොරගුළු අඩවන් කොට...
හීන උන්ඩිකොට
සඟවා උණුහුම්
කෙසුරක....
රෑට නින්ද නෑ
දියවී වැගිරෙයි.....
කලිමල.....

2 comments:

Anonymous said...

ඇත්තටම මට සමහර තැන් තේරුනේ නැහැ සහෝ..නමුත් තේරුන ටික ඔබ හරි අපුරුවට ලියල තියනවා..

ජය!

ayesha said...

අර කීවා වගේ මාත් තේරුම දන්නැති වචන නම් තියෙනවා. ඔයා ඉතින් හැමදාම අපූරුවට ලියනවනේ