Sunday, April 29, 2012

බොරු වැල්ල



මඩ ගොහොරුවක...
කෙලින් ඉන්දාපු
ඇදවෙච්චි
ඉන්නක් උඩ...
තනිවෙච්චි හී තුඩක්...
ඒක මත
ගෑවිච්චි....
පරවෙච්චි හීනයක්....
හොයගෙන ඇවිත්..
නිල මැස්සෙක්.....
පාරනව...
හොය හොය...
කුණු රසය...
තව තවත්...
බුර බුරා නැගෙන
ගිනිදැල්ලෙ
එලියටත්...
බය නැහි හැටි විතරක්...
ඒ ගින්නෙ දියවෙච්චි.....
හද විමන්..
ඇද හැලෙයි...
නෙතු දොරින්...
නොනැවතී සීරුවෙන්....
කැගසන්නට තනන..
සිතැඟි
අඩ නිරුවතින්.....
එරි එරී...යලි යලිත්....
මතුව එයි....
ගොහොරුවෙන්......

Thursday, April 26, 2012

කණිසම.....



එන්ට එන්ටම අවුල වැඩිවෙයි
ලිහා ගන්නට මට බැරී....
කැරකැවෙන්නේ....
මංද පොළොවද.....
වෙන්ට බෑ තව මදි වෙරී......
අවට ඉන්නා එකා දෙන්නත්...
හීන් සීරුවේ මඟහරී....
වෙනදෙයක් වෙද්දෙන් කියල...
ඔහෙ ඈඳි ගමි හරි බරි ගැහී......

වේසපාලන කැරලි මර්දන.......
විරවිකුම් ගැන පැරණි
කම්පන.....
ගීත රාවය.....
භීත භාවය.......
සීත නෑ සියොලඟම ගින්දර.....
මා තලන රැඩිකල් මෝල් බව.....
ටොනික් එක්කල කැලතිලා......
ඒත් නෑ හිත මත්වෙලා......
නමුත් සිතිවිලි ඈත අහසේ....
රැහැන් නැතුවම තිත් වෙලා....

කියූ කියුමන්.....
කෙරූ පඬි කම්.......
කියල කියලම ඇල්වෙලා.....
හිතට නිවනක් සොයා හදවත.....
මරයි නීරස  කල්පනා.....
ග්‍රීස්ම කාලය....
ආදරේ......
ශුන්‍ය කාලය....
ජීවිතේ.......
තට්ට තනියම අවිඳු අන්දුරේ........
අළු සොයයි හිත පාළුවේ.....
එබී පතුලින් බෝතලේ....

Saturday, April 21, 2012

නිල මැස්සා....


හිත උඹට ඇබ්බැහි වෙලා....
ගත උණුහුමට ලොල් වෙලා...
ඔය කුණු සරීරෙට රිංගලා....
ඉන්න මොහොතක් එක්වෙලා.....
සිතුවිලි හොයයි උඹ රොක්වෙලා......
දහදිය ගලයි නෙත් තෙත්වෙලා.....
ඉවකරන මගෙ මෝඩ වල් හිත.....
හිරවෙලා උඹෙ ගූඪ යටි බඩ.....
නිල් නුවන් නම් නෑ පෙනෙන්නේ....
වපරැසින් නුඹ හති හලන්නේ...
කෑගසනු බෑ ආදරෙන්.....
හිත කැවෙයි ගිනි වියරුවෙන්.....
ඉන්න මොහොතක් යන්න නොමදී.....
එන්න ආයෙත් ඉපිල මතුවී...
හති වැටෙන තෙත ආදරේ....
ගෑවිල මගෙ මීටරේ.....
ඉන්න බෑ මට යන්න ඕනෑ.....
යන්න බෑ ඔබ ඉන්න ඕනෑ....
එක්ව සැනසෙමු ආදරෙන්.....
පස්සෙ වැලපෙමු සීරුවෙන්.....

Friday, April 13, 2012

ආයිබෝ....වෙවා.....



අවුරුදු.....
කන්ට කන්ට අමාරු වෙන.....
අවුරුදු.....
බොන්ට බොන්ට ආස හිතෙන.....
අවුරුදු.....
බලා ඉන්න බැරිතරමට සරු.....
අවුරුදු......
අහන් ඉන්න ලැජ්ජ හිතෙන.....
අවුරුදු......
නගරයෙ කුණු ගමේ එබෙන.....
අවුරුදු......
අනුන්ගෙ පදයට නැටවෙන......
අවුරුදු......
කොහෙ ගියත් මොනව කොලත්.....
කවුරු නැතත් කොහෙ බැළුවත්.....
කිරි ඉතිරෙන......
සිරි බබලන......
බර කිරුවට......
තෙල නොබිඳෙන.......
පණ නොගියත්.....
ෆින් පලදෙන.......
රටටම කිරි ෆිටි උතුරන.......
අවුරුදු......
නැකතට ෆිට් එක වැළඳෙන
අවුරුදු......
ගඟේ මාළු ඇඟේ නටන....
මෝල් ගහෙ දළු ලියලන.....
අමනයින්ගෙ ආයු බෝ වෙන.....
අවුරුදු.......
අම්මෆ...
කාටද ඔනි මේ අවුරුදු......


Friday, April 6, 2012

ලබ්බෙ තොවිලය.....



ජීවිතේම පස්සේ දුවන....
බාගයක්ම
පාරේ ගෙවන...
අපෙ story...
දඩ බඩෝස්....
Life එකම
ටොම් පචෝස්......
එහෙන් පඩිය.....
මෙහෙන් අඩිය...
ඔහේ වැයෙන හිත් melodyය…
ඉහට උඩින් එන වැස්සට.....
අපේ කුඩය කුඩා වැඩිය....

Same same වලේ යලී.....
වැටී නහින අපේ හැටී....
තෙමි තෙමි
හරි...
අත්තෙන් අත්තට
පැනගත යුතුව ඇතී...
දෙකින් එකක්
හංගා දිව
මුං පල්ලා දිවුරියැකී....
මාර මාර problemoස්
Like ඩෙංගි mosquitoeස්

වැලයන අතටම....
නොවුනට....
මැස්ස යසට ගසා තිබේ.....
එළිය අඳුර දෙක...
Balance..
කරන්නෙ සඳ මාමා පුතේ.....
Toss එක පැරදුනාට අෆි...
මැච් එක දින්නානෙ ඉබේ......
පාර මනින
හිකනලෝz...
Ministry of කකුළුවෝස්...

හිත ගිය තැන මාලිගාව....
කුළියට දීමටත් තිබේ.......
Coffiee වලට වඩා හොඳයි...
දන්න කියන කිරල ඇබේ......
ලේන්සුවට
වඩා පට්ට
ලන්සු ජංගි වලට තැබේ......
රේස් පදින
නාකියෝස්....
Cheer කරන Donkeyයෝස්....