Sunday, October 2, 2011

Hit විකට්.....



පුරා වසර ගණනාවක්
එක දිගට ලෑල්ලම දමා.....
Game එක තිත්තවීම
හේතු කොටගෙන.......
අන්තිමේදී ධෛර්ය ටිකක්
බාර් එකකින් ණයට ගෙන
සූර් වීමට පළමුව....
පුටු ඇන්දකට තබා....
කශේරුව Straight කොටගෙන....
බෝලය අයිතිකරුවන්
මුණ ගැසී.......
පැන්සොන් එකක් ඉල්ලා සිටි අතර.....
ඔවුන් මා දරුණු ලෙස Interview කොට....
පිස්සු නොකෙලින ලෙස තර්ජනය කර...
තරඟය පාව දෙන ලෙසට
අතයටින් පගාවක් දී....
පරණ බෝලයම...
මගේ ඇඟේ ගසා...
මා හට ජීවිතාන්තය තෙක්
තරඟ තහනමක් පනවන ලදී..

4 comments:

charmi said...

මළා........

Unknown said...

දැන් ඉතින් මොකද කරන්නේ...
තරග තහනමක් දැම්මට අයිත් බැට් කරන්න අඩගහවි...
ජයවේවා!!!

ayesha said...

දැන් ඉතින් මොකද කරන්නේ

ayesha said...

දැන් ඉතින් මොකද කරන්නේ?