Sunday, August 21, 2011

දුර හා විස්ථාපනය....



ගත ඩොටේ....
හිත රට වටේ
නැහැ පණේ......
වත මගෙ අතේ.....
ලුණු මණයි
අත ඇති පතේ.....
නුඹ නිසා
හිත පණ ගැහේ.....
කඳුලැලි හැලී
නෙතු යලි යලී......
පවසයි හදේ....
දුක් මැසිවිලී.....
සිතුවම් ඉරී...
පැහැයන් මැකී....
හිත පොත පුරා....
විරහව මිදී.....

අමතක නොවූ
මතකයෙ රැළි...
තවමත් හැපී....
හද වෙරළෙහි.....
මවනා රිදුම් දෙන....
කැළඹිලි....
නින්දෙන් මුදයි
අළු සිතිවිලි......

ඉක්මන් නොවු
පෙම් සිතිවිලි....
සක්මන් කරයි
හද මළුවෙහි.....
තනිකම මුදුන්
රෑ අහසෙහි.....
තරු වැල් නිදයි
රළු පහසෙහි....

2 comments:

ayesha said...

maru

තිස්ස දොඩන්ගොඩ said...

කෝ දැං...!! කවි සිත ගොලුවෙලාදෝ...!!!