Saturday, August 13, 2011

වෙනස.....



බැළු බැළු හැම අත.......
චංචල රේඛා......
අඳුර මැදින් සහසක් තරු
පායා.......
හදවත විසිරුණු......
සමනල සේනා..........
මතක මිටින් ගෙන ඉගිලෙනු පෙනුනා......

මදුවිත මුමුනන
ගී පද කෝමා......
අඳුරේ මතුවන සිතුවිලි බෝමා...
සියොළඟ මතුවන උණුහුම පරයා........
හීතල හදවත කොඳුරන දැනුනා.....

සිත් අග මතුවන
රත්වුනු ආශා.....
සුසුමින් ඇවිලෙන ගිනිසිලු සේමා....
හදවත ගල්වුනු විරහව පරයා....
අඳුරු මතක පිටු අවුලනු දැනුනා...

6 comments:

දුකා said...

හරිම අගෙයි. සින්දුවකට නම් කියාපු පද පෙල.

දුමීගේ යාලුවෙක් මේ දවස්වල ලස්සන ගී පද ටිකක් හොයනව.

මේක එයාට යවන්නද?

Shadow/හේමලයා said...

no problem......:)

චතුර.... said...

අපූරු පද පෙළක්..

පබලු said...

මේ වචන පුදුම ලස්සනයි...

malithi said...

great..! more!!! :)

ish said...

lassanay...