Tuesday, April 26, 2011

විලම්භීත.....



හොඳටම
මත්වුනු හදවත
හෙම්බත්වී.........
හිත පැද්දෙන අතකට
ලෙන්ගතුවී.......
සිතුවිලි හිමිහිට
අඳුරට නතුවී.......
හැර යන්ට හදයි.......
දුක අතපසුවී.....

ගැස්සෙන මතකය.....
නිදිබරවී......
හරිගස්සන්නට මට
අමතක වී.......
ආපස්සට යන සිතිවිලි
සිරවී.....
හදවත ඉතිරී දුක
යයි ඉහිරී....

හිරු විකසිත මුත්
අළු අසරණවී......
දහවල් අහසේ තරු
ගැබ්බරවී.....
වැලපෙන හද මල්
කැල මුකුලිතවී....
ගිලිහෙන්ට හදයි
තනිකම මටදී..

Friday, April 15, 2011

අයාලේ...



පි‍යාඹන්න මට බෑ......
මගෙ හිත හරි බරයි.........
කියාගන්න මට බෑ.......
හදවත අසරණයි......

ලියාගන්න මට බෑ.....
වචනත් අමතකයි.......
නෙතු පියාගන්න මට බෑ......
මතකය අත වනයි.........

නෙතු අද්දර නවාතැනේ......
තනිවෙන්නට නිවාඩුවේ....
නුඹෙ උණුහුම් සෙනේහයේ.......
කිමිදෙන්නට දයාවියේ......
හැමදාමත් මගෙ හීනය
වී එනවද කුමාරියේ...
උඹ දකිනා හැම මොහොතෙම
හිත යයි මගේ අයාලේ....

හිතාගන්නවත් බෑ......
දහවල කළුවරයි....
මුවාවෙන්ට මට බෑ.......
සඳ රැස් මා හොයයි.....

දරාගන්න මට බෑ......
සිත්මල ඉකිගසයි...
මවාගත්තු අබිමන......
පැරදී දණ නවයි...