Wednesday, March 23, 2011

නොහැකියාව....



මගේ දිහා ඔබ බලා ඉන්නවා...
මුළු රෑ තිස්සෙම....
හිස් නෙතු අග්ගිසෙන්
වෑස්සෙන කඳුලු කැට දිහාවම
මට බලා ඉන්න බැරුවම......
හිත පළායන්න හැදුවම....
හදවත වලකවන්නෙ ඇයි
ආයෙමත් වතාවක්....
ඔය දෑසට......
කඳුළු දෙන්ට බෑ මට.......

අනුකම්පාවක් නෙවෙයි මේක......
මට කම්පාවක් විතරයි තනියට.......
කොම්පාසුවක් වගේ මගේ හිත
හැරෙයි ඔබගෙන් ඈතට........
හීන සරුන්ගල්.....
හිත් අහසේ....
හැඩ මාරුතයක මං මුලාවෙලා........
දීන සිතුම් වැල්.....
හුය පැටලී .....
මඟ අහිමිව අද හිඳී බලා.....

ජීවිතයම ඔබ බලා ඉන්න ඇති....
කුමාරයෙක් එනතුරු....
මඟ බලන් ඉතින් මම මොනව කරන්නද......
අසරණ හිත මඬිමි තද කරන්.......
මට දරාගන්ට බැරි දුක.......
අරගෙන පළායන්න හැදුවම.......
හදවත වලකවන්නෙ ඇයි
ආයෙමත් වතාවක්....
ඔය දෑසට......
කඳුළු දෙන්ට බෑ මට......

Saturday, March 12, 2011

ආසාව..



සමනලයෙක්
වන්නට ඇති නම්.....
ඉගිලෙන්නට...
මලින් මලට
රොන්ගන්නට......
තුඩින් තුඩට
කොඳුර කොඳුර
මුමුනන්නට....
ආදරෙන්......
මල් සුවඳට නොරැවටී....
මල් පෙති මත නොනැවතී......
මල් කෙමි මත නොදැවටී.......
නිදහසේ
පියාඹන්ට ආසයි......
මට ආසයි.....

Monday, March 7, 2011

පරිත්‍යාගය.....



පුළුන් පටවාපු ගෝනියක්
කරේ තියාන.....
මහා මෙරක් වගෙ
ලෝකෙටම පෙන්නගෙන......
ආතල් එකේ ඇවිදින
අවලම්.......
පුත්තලම් බූරුවෙක් වන මට.....
සිහිල ගෙනෙන.....
වැස්සක් වෙන්ට
පතන ඔයා.....
ගැන මට හිතෙන දේවල්
දන්නවනම්.....
එහෙම.......
මෙලාහකටත් ඔයා
ඉරිතැලිච්චි පොකුණක් හොයාගෙන
ගොහින්.......
පණ පොවන්නට.......
යළි යළිත්......
උපයා ගන්නට
ඔබේ ඔය මහා සැනසීම.....
නම්වූ මායව........

Saturday, March 5, 2011

අරුණ......



මන්දාරම් අඳුර පවා..........
මගේ ලොවට
හරි එළියයි......
රැ තුන් යම නිදි වැරුවට......
මගෙ දෙනෙතට
තව පවසයි......
හිරිගඩු පරයා මයෙ ගත
ඩා බිඳු වැගිරෙනු පුදුමයි........
තවත් හදවත රිද්මය.........
මයෙ හිත අද්දර පොපියයි........