Thursday, February 17, 2011

මංමුලාව........



සැනසුම
මඟහැරිලා......
අඳුරේ.......
තනිවම......
කුඹ සුන්.........
සෙනෙහස්......
ඔරුවේ.......
උතුරක්
නොමැතිව.....
දිවියේ......
පාවේ....
මියගිය...
සිතිවිලි....
වතුරේ.....

උණුහුම.....
පමණකි 
දැනුනේ.....
කඳුලක
වියැලුනු......
ඉපැරණි..... 
සිහිනේ....

හුස්මක....
පැටලුනු...
සුවඳේ......
ඇවිලේ....
තවමත්...
මතකේ....
හතිලන සන්තානේ.......
මුමුනන දුක් ගී රාවේ......

සුපිපුණු
හදවත 
නුඳුරේ......... 
කුසුමක්
මිලිනව
ඇත අද 
අඳුරේ........

ලවනත....
රස මදිරාවේ......
මිහිරිය....
කළඹයි 
මතකය 
ආයේ.....
කොහිදෝ නුඹ සැඟවෙන්නේ.......
හදවත නැ පිළිගන්නේ.....

Saturday, February 12, 2011

ගින්දර.....



මේච්චල් නොවී
මගෙ හිත නෝක්කාඩුවෙන්........
නෝංජල් මගේ.......
හදවත ගැහෙයි සීරුවෙන්......
පාච්චල් වෙවී.....
සිතුවිලි තාම ශෝකයෙන්.....
නෑවිදින් ඉඳියි.......
සුන්දර වදන් කෝපයෙන්.....

නේත්‍රා කොනින් දුටුව දා පටන්.......
යාත්‍රා කරයි මහද වියරුවෙන්.......
මාත්‍රා ඉහිරිලා ලය තතින්.....
සාංකා පිරුනු රාගයන් වැයෙයි............
ජීවන දියඹේ නෑ හුළං.........
පුරවන්නට සිතුවිලි නැව් රුවල්.....
ලන්නට බෑ දුක් නැංගුරම්.........
පදවන්නෙමි මං හබලක් හොයන්....

Sunday, February 6, 2011

උඩ...



උඹ
පපුව උඩ.......
මම
ඔළුව උඩ....
හිත
වැට උඩ.....
අපි
කොට උඩ.....