"ඔපමණ අනවශ්‍ය බර පටවාගෙන අප අපගේ ජීවිත බෝට්ටුව පැදගෙන යන්නේ ඇයි? අප බෝට්ටුවේ බර සැහැල්ලු කළ යුතුය. නැත්නම් හබල් ගාද්දීම අපට ක්ලාන්තය ඇති වනු ඇත. බෝට්ටුවේ බර ඇදීමට වෙහෙසෙන විට අපට සිරිය නැරඹීමට පුළුවන්කමක් නැත. ලෝකයේ සුන්දරත්වය දකින්නට අපට නිදහසක් හා පහසුවක් ද නැත".....(බෝට්ටු සවාරියක්:Three Men in a Boat )
Sunday, October 31, 2010
අතුරු මිතුරු...
පිරිවරාගෙන
සිටියාට සහසක්
රන් තරු.......
අඳුර රජයයි
අහසේ.....
අමාවක මියෙන තුරු......
පලාගොස් ඇතිමුත්
කළගුණ නොදත්
තරු.....
එසැනින් දුරුකරයි.......
අඳුර.......
සඳ සුමිතුරු.....
Saturday, October 9, 2010
බකන්නිලා Theoryය.....
ප්රජතන්ත්රවාදය නම්වූ
රන් ආලේපිත.....
අසංසේචිත.....
තඹක්ක ඩිම්බය.......
හිරවී ජම්බාලිය අග...
මරහඬ තලන
දේශය නම්වූ...
නාකි කිකිළිය වටා හිඳ....
ඔල්වරසන් නඟන මහීෂ සමූහය.....
හිතාන ඇය කෙකර ගානාබව....
බලා හිඳිති වැටෙන තුරු රන් බිජුව......
මුව අයාන......
සියළු දොස් නසාන.......
මැවේයැයි සිතාන දිව සැපත.....
Friday, October 8, 2010
මැදියම් රැයේ දුටු හිරු.......
හිරු ගිලිහී.....
මා ලෝකයේ.......
ගියදා....
පටන්
නුඹ හැරදා.......
දිවි මාවතේ.....
සොම්නස සිඳී.....
සිත දුක් සුසුමින් පිරිලා.......
අතීතයේ....
සුන්දර පැතුම්
තව නෑ....
කඳුලින් මැකිලා....
තවමත් සිතේ....
සැනෙකින් මැවේ....
නුඹ මා.....
හැරගිය දා....
Sunday, October 3, 2010
ආයෙමත්..........
අංජනම් දේවියගෙ
තියා හනුමන්තාගෙවත්
රේඩාර් වලට මාට්ටු
නොවෙච්චි......
මගේ
Damage වෙච්චි හාට් එක....
මෙන්නේ බොලේ ගැහෙනවා
ඇහෙනවා හරි හරියට......
කුණු බක්කිය පතුළේ...
ඉඳන්......
ආයෙමත් වතාවක්............
Subscribe to:
Posts (Atom)