Tuesday, September 21, 2010

ආවේගය......


හලෙමි....
ඇදි දුනු දිය.......
නෙතු පියාන.....
ආදෙසට හඬ.......
හිත තබාන.....

Thursday, September 16, 2010

අද....



දුක් වේදනා
මවා තියා.......
මට ආදරෙයි
කියූ....ඔයා......
අද
මා දමා.....
හද පාරවා.....
කොහිදෝ ගියේ......
වෙන්වෙලා.......

වසන්තෙයේ...
සුන්දර සිනා......
ගිම්හානයේ.......
කඳුලක් වෙලා........
මට ආදරෙයි
කියූ....ඔයා.........
කොහිදෝ ගියේ......
මා හැරදමා.........

අතිතයේ...
හිත සිරවෙලා..........
අනන්තයේ
නුඹ නැවතිලා.....
මට ආදරෙයි
කියූ....ඔයා.........
කොහිදෝ ගියේ......
මා හැරදමා.....

Wednesday, September 15, 2010

සම්මත....


මම
අතේ හුරුවට
ඇන්ද ඉර.....
උඹේ රූලට අනුව
ඇද වුනාට.....
ඔය රූල
කෙලින් කියලාද
උඹ හිතාන ඉන්නේ.....

Tuesday, September 14, 2010

සිහින.....


ඔය දෑස නිසා
සිත උමතු වෙලා....
දහසක් පැතුමන් පැතුවා.....
ඔය දෑත පතා
සිත සිහින පුරා.....
සහසක් පෙරුමන් පිරුවා....

නුඹ සඳමයි
මා හද විමනේ.....
එළියයි ජීවිතයේ....
නෙක සිතුවම්
රූ අතරින්
ඔය රුවමයි නෙතු පැතුවේ.....

රැඳි සුවඳයි
මා හද නුඳුරේ....
මිහිරයි ආදරයේ......
ගී පදවැල්
නද මිහිරින්....
හද ගැහෙනා බව දැනුනේ....

Monday, September 13, 2010

අන්තිම කැමැත්ත.....


සන්තානය පුරා රැඳුනු
ජීවන වේදනාවම
කැටිකොට
කඳුලු බින්දුවකට....
හඬන්නට හැකිනම්...
තව එකම එක වතාවක්.....
මිනිසෙකු ලෙස....

Sunday, September 12, 2010

පැටලීම....


නිකම් තියෙන
යන්තරේනෙ කියලා
දෙපාරක් නොහිතම....
ඔබාපු කැසට් පටිය....
පැටලිල නෙව ඇතුලෙ......
හිරවෙන්ටම.......
කිටිකිටියෙ....

Saturday, September 11, 2010

ලේ.....



ආදරේ හරියට
කූඩැල්ලෙක් වාගෙ.....
එල්ලෙනෙවා…
දන්නෙත් නෑ......
කොතැනක
කොහෙදිද කියලා....
දකිනකන්
තේරෙන්නෙත් නෑ...
මොකක්ද කියලා...
ගැලවිච්චි වෙලාවට තමා...
ගලන්න ගන්නේ ලේ....

Friday, September 10, 2010

තරු....


ආකාසෙ පායනා
එකම තරු රටාවක
නිදහසේ හිරවෙච්චි....
තරු දෙකක් අපි....
ලෝකයම දකින...
ලංව ඇති එකිනෙකාට...
සදාකාලිකව....
ඒ වුනත් හැබෑවටම
එහෙමද අපි ?.....
ඈතින් ඉඳගෙන...
ආලෝක වර්ෂ දහස් ගනනක්.....
රවටන්නෙමු අපි
මුළු ලෝකයක්......
තව කොයිතරම් නම් කල්...
රඟන්නද මේ නළුව....
රෑ අහසේ කළුවරට
මුවාවෙලා තනි තනිව....

Thursday, September 9, 2010

ගණුදෙනුව.....


ඈවරයි දෑවරයි.....
තුන් ඈවරයි කියා.....
වෙන්දේසි කරමි....
පපු කුහරයට
හිරකරගත නොහුණු...
හදවත....
බන්දේසියක තබා...
කොන්දේසි විරහිතව
නුඹ හට.....
උඹේ ඔය හදවතම
විතරයි
මට ඕනෑ
ආපහු හිලව්වට.....
තියාගන්නට සදහට.........

Sunday, September 5, 2010

පරස්පරය.....


හිත තිබුනේ ඉරිලා...
බෝතලේ නම් පිරිලා......
හිත පිරෙනකොට...
බෝතලේ හිඳිලා.....
දුක දැනෙන කොට....
කඳුලු කැට වේලිලා.....
හුළං පාරට
සිතිවිලි ගිය දිහාටම
තල්ලුවෙලා.....
මම මෙතැන......
හිස්බවත් එක්කලා
තනිවෙලා.....
මැලැවෙච්චි
හීන එක්ක ඔට්ටු වෙලාම
මට නම් දැන් එපාවෙලා...
ජීවිතේ ඇතුලේ…..
අනවසරයෙන්
පැලපදියම් වෙච්චි
සතුටක් හින්ඳා
හිත ආයෙම සුපුරුදු
දුකම හොයනවාද මන්ඳා?...

Friday, September 3, 2010

බිඳෙන බැඳෙන බැමි....


විශ්වාසය කියන
සිමෙන්තියෙන්.......
මිතුදම කියන
බ්ලොක් ගල් වලින් බැන්ද
අපේ...
සහෝදර බැම්ම....
පොඟලා පොඟලා.......
නාකපන සිතුවිලි වැස්සට
කඩගෙන වැටුනේ නැතැයි
එකපාරටම.....
ආදරය කියන හැඩ පහරට......

Thursday, September 2, 2010

ආර්ථිකය....


එහෙත් හරි වැස්ස
මෙහෙත් හරි වැස්ස කියලා...
කස්ටිය තකහනියම......
කුඩමිටි හරස් කොරගත්තට...
මේ මක්කැයි....
ගහකොළ ඔක්කොම මැලවිලා....
ඇළ දොළ වේලිලා.....
අම්මප කොහෙ ගියාද
ඔය වැටිච්චි වතුර කන්දරාව....
මං අහන්නේ......

Wednesday, September 1, 2010

Interview......


කට අරින්නත් ඉස්සරම
මම කියන්නේ.......
බොරු බව දැන දැනත්
උඹලා එකම දේ
ආයේ ආයෙත් අහලා......
ආතල් ගන්න
අපූරුව විතරක්....
මගෙං …
නොමිලේම...