Tuesday, August 31, 2010

යෝජිත....


කැමැත්ත....
අකැමැත්ත......
කෙසේ වෙතත්....
ගිරහයන්ගේ බර පැත්ත..........
නිමිත්ත කොටගෙන.....
පෙරැත්ත කරමින්....
පොවන්නට දඟලන....
සීනි ජුන්ඩක් තවරා.....
ලොසින්ජර කොළයක දැවටූ.....
තිත්තම තිත්ත...
බේත් ගුලිය.....

22 comments:

සෝරෝ said...

පට්ට කතාව... එළZz...

RanDil said...

එතකොට පැනලා යන අය, කේන්දර නොබලන අය, ?

Chamila said...

සමහර තිත්තයි වගේ දැනෙන බෙහෙත් ගුලි
කෑවට පස්සේ පෙනෙනවා දිව්‍යලෝකෙ එලි
;)

Abeetha Edirisinghe said...

ගහල බැන්දත් බැදලා ගැහුවත් දෙකම එකයි කියනවනෙ හේමලයො... යොජිතෙත් ලවෙත් දෙකෙන්ම වෙන්නෙ එකම දේ නොවෙද? කොහොමත් අන්තිම වෙද්දි කෝකත් තිත්ත බෙහෙත් ගුලියක් වෙනවා නොවැ....

ඉලංදාරියා said...

පට්ටම පට්ට...

ඉරහද ලොක්කා අදැක්කොත් එහෙම් අගුටි දේයි..හේ...

Shadow/හේමලයා said...

@ චමිල...
උගුරෙන් පල්ලෙහාට යවාගන්ඩ තමා ටිකක් විතර අමාරු.සූප්පු කොර කොර උන්නොත් නම් හඳේ..:)..ගිල්ලට පස්සේ පස්සෙ ඉතින් පුද්ගලයා අනුව එක වෙනස්වෙනවා නැත්ද?.....

@ RanDil
ඔය අනිත් ඒවත් පැණි රහයි කියලා ගිල්ලාට බඩටම තමා යන්නේ ඉතින් අන්තිමේදී....:)..

@ සෝරෝ...
ස්තුතියි මචෝ......

Dinesh said...

ඇත්ත කතාව සහො...........

෴ හසියා ෴ said...

ඇත්ත පට්ට කතාව.....
හැබැයි ඉතිං යෝජිත විවාහ වලදී වෙන්නේ ආදරේ නොකර දෑ වැද්දට එහෙමත් නැතිනම් වත්කම් වලට ආදරේ කරල බදින එකයි.එහෙම නැති අයත් ඉන්නවා.
ලස්සනට ලියලා තියෙනවා‍‍.....

Unknown said...

මගේ නම් යෝජිත වලට කැමැත්තක් නැත.ඒත් යෝජිත වලින් ගොඩ ගියපු අය දැක ඇත

නිශා said...

ඇත්ත කතාව...මෙක අපේ අමිමට පෙන්නන්න තියෙනව​ නමි මරැ

priyantha said...

පිළිතුර අනාගතයට....

මැණික්(සුළඟ) said...

හ්ම්.. තිත්තම තිත්ත බේත් ගුලිය. මට නම් පෙනුනේ අත් වලට දාල තියන දම්වැල්.
මැණික්(සුළඟ)

``` Outsider``` said...

මක් කොරන්නද ඕක නොව ජී‍විතේට තියෙන එකම විකල්පය කියල මනුස්සයෝ අදහන්නෙ..

නිශා said...

මෙක අපේ අමිමට පෙන්නන්න තියෙනව​ නමි...

හසී said...

නියමයි :D

ayesha said...

තිත්ත උනත් සමහර විට ඒ බෙහෙත පස්සේ පැණිරහ වෙන්නත් පුලුවනි

Teena said...

සමහර වෙලාවට තිත්ත බෙහෙත් ගුලිය හරියන්නත් ඉඩ තියෙනවා නේ..!

ස්වප්නා said...

මේකනෙ වැඩේ. සමහර ළමයි ඉන්නවා කවුරුහරි එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ නඟා ගන්න තේරෙන්නෙ නැති තරං ඔටුවො :) (අපි වගේ :) )
ඒ අයට ඉතින් ඔය පිහිට තමයි.. කවුරුවත් කියන පළියට නොවෙයි, තමන්ට හරියටම ඇත්තට හිත යන කෙනාට කැමති උනාම හරි.
වැඩේ තියෙන්නෙ එහෙම අය හොයා ගන්න, කේන්දරෙත් ඉස්සර කරගෙන හරි අමාරුයි.
some get the life easy. for some its hard. But what ever you get, it is you who decide whether to take it or not.

hithuwakkaraya said...

යෝජිත විවාහය

ගිලින්නේ ඇයි බෙහෙත් තද තිත්ත
අහන්නේ නැහැ එහෙම
පොවන්නට කලින් හරි හදිස්සියකින්
බොන්න දත කන නියා

යුවති පසුව පතිනිය වී එදිනම ඇඹෙනිය ව
බදා ගන්නේ ජීවිතය තිත්ත කරවිල වැල වගේ
කොනහන විට අපුල එද මහත් ගුණ ඇති
එපා වූ දා රනයෙක් නොවිද්දේ ඇයි අහන

- හිතුවක්කාරයා

පිස්සා පලාමල්ල said...

කෑවට පස්සෙ තිත්ත ගුලිය එච්චර අවුලක් නැති වෙන ඒවා වගේම පැනි රස වෙන ඒවත් තියෙනවා...

ඒ වගේම සීනි ගුලිය උනත් අජූව වෙන අවස්ථා තියෙනවා..

ඒක ඉතින් ගුලියට අනුව තමා.

ඒ උනාට අදහස පට්ට. මේ දවස් වලට ගැලපෙනවා පිස්සටත්.... උස්සන එක උස්සනවා මේක ඊ මේල් කොරන්න. හික් හික්

තක්ෂිල said...

බෙහෙත් නම් එපා.....

lemonade/ලේමනේරිස් said...

ගුලිය ගුලියමය
බෙහෙතක් වුව,
වෙනකක් වුව
ගුලිය මැන
මුවින් ගෙන
සුප්පා සුප්පා
ගන්ඩ මිහිරිය
නිල පාට කොළ පාට
පාට පාට නොයෙක් වාර
හැරමිටියෙන් යනදාට
නුඹ අතින් ගෙන
එකට එක මාවතේ
පද්ද පද්ද නොයෙක් තාලෙට
නුඹව ගෙනියන්නේ
ඔය ගුලියමය