Monday, August 23, 2010

විරාමය....



මෙගා ටෙලියක්
අස්සෙන්...
අනවසරයෙන් එබෙන
වෙළඳ දැන්වීමක්....
වගෙයි උඹ........
සුළු මොහොතකට
විරාමයක්.......
හිතට....
විවේකයක්
ගතට.......
විරේකයක්
දුකට......
කාලය එරෙහි වුනාට...
අපිට....
බැරිද.....
විඳගන්ට වත්මන...
සමාජ සම්මතයට
ඔබ්බෙන් සිට....
එකම එක නිමේෂයකට.........

12 comments:

Paraya said...

වටහා ගනු නොහී
සිත...

එම්බා සිත!
මෙය
ආලය නොව,
ආශාවයි...!

ඉලංදාරියා said...

පුලුවන් වෙයි

සැබැ ආදරයට ..
වයස...
ජාති..
ආගම්...
පාට ...

මේ කිසිම බේදයක් නැහැනෙද..?

සියල්ල පෙර‍ටුකොට ඇත්තේ මන්සයි...

ස්වප්නා said...

ආදරේ උත්තරීතරයි
කාලය සාපේක්ෂයි
ජීවිතේ සංකීර්ණයි
සම්මතය අනිත්‍යයි

බිඟූ said...

පියා විහිදන්න
ආලෝකය එන්නට
ඉඩ දෙන්න
සිහින් කෙඳිරියේ
සෙවනැල්ල
ගත වෙලා ගන්න
ඉඩ දෙන්න
සවණට බිඟු පැන්
ඉසලන්න
මොහොතින් ලැබේවි
අවකාශ
විඳ ගන්න
ලොවට හොරා....
සැමට හොරා....

``` Outsider``` said...

මොකෝ බැරි..

හරී - පිණිපළස said...

නිමේෂයකට අමතක කළට සමාජ සම්මතය, පියවි ලොවින් සැබෑ ලොවට ආදාට කුමක් වේවිද?

charmi said...

ඇඩ් එකක් වගේ නැතිව
බ්‍රේකින් නිවුස් එකක් වගේද?

Jay said...

මරු

පිස්සා පලාමල්ල said...

එළ මචන්.. තාවකාලික විරාමයක්

Naදී said...

අපිට....
බැරිද....
විඳගන්න වත්මන...
සමාජ සම්මතයට
ඔබ්බෙන් සිට...

මේකනම් ටිකක් හිතන්න වෙයි මයේ හිතේ. උඩුගං බලා යන්න හදන ගමනක් නිසා.

තක්ෂිල said...

අමුතු අදහසක් එලියට පැන්නා වගේ නේ..කොහෙන්ද ඔය පින්තුරය.....මරු පින්තූරේ අයියේ...ලස්සනයි..

Anonymous said...

නිහඬව නිසලව....හ්ම්ම්ම්ම්ම්