Sunday, August 15, 2010

එකෝමත් එක රෑක....


හදවත කියන
ජීවමාන කොම්පාසුවෙ
හරි උතුර මගහැරිලා....
අන්ධකාර රෑක....
ජීවන දියඹේ...
අතරමං වෙලා උන්නු මට.....
පහන් තරුවක් වෙච්චි උඹම
අද....
කළුවලාකුලක් එක්ක හාදවෙලා......
මාව දාල ගිහින්....
මූද මැද අතරමග.....
අන්ධකාර අහස යට....
දළ රළත් එක්ක තනිවම........
මයෙ මේ ඇස්වල
කඳුලු නැහැයි කියල...
පුදුම වෙන්න එපා උඹ....
අමනාපයකට හෙම නෙවෙයි.......
ඇහැ ගැටුන පහන් කණුවක එළිය....
දුර ඇත ගොඩබිමක.....
තුතියි තනි මැකුවට මංමුලාවුනු රාත්‍රියක.....
ඉදින් ආයුබෝවන් අතීතයට......

18 comments:

හිරු ප්‍රභා said...

තරුව මඟ හැරුනු
දියඹෙ තනි උනු
නැවට සැනසුම
කොයිද එලි ටැඹක් මිස

යන්න එය දෙසට
පෙනෙන ටැඹ දෙසට
පෙන්නවි මඟ නුඹට
නොමැති ගල් කුලු
ඔබේ මඟ අකුල

හරී - පිණිපළස said...

දෙතුන් පාරක් කියෙව්වා, මට තේරුම් කීපයක් දැනෙනවා, කෝක හරිද මන්දා,,,,

මුදියන්සේ said...

කොම්පාසුව චුම්බක ක්ෂේස්ත්‍රයකට අහුවෙලා වගේ

Unknown said...

ඈහැ ගැටුන පහන් කනුවෙන් එලිය වෙයි ජීවිතයම

ස්වප්නා said...

තරු එළිය ඈතයි
ළං වෙන්න බෑ
පහන් කණුව මෑතයි
ළඟට ගිය වෙලාවක,
හහ්,
තාමත් තරුව එළියයි
කණුව මුල අඳුරුයි
හිතෙයි නේද?

෴ හසියා ෴ said...

ලස්සන පද පෙල හේමලයියේ (හේමලයා+අයියා)...
අතීතයට සමුදෙන්න පුළුවන්නම් මොනාකරන්න බැරිද මං අහන්නේ....

ඉලංදාරියා said...

අතිතය දුකයිනම්...සමුදෙන එක වැදගත්..අයේ හිටහ්න්න තනම් ....ඔන්න කිවා..හොදේ..

අතිතය අමතකකරන හැටි..මටත් කියලා දියන්කෝ...

BLOG ගඩොල් said...

හැම දේටම හොදම විසදුම තමයි කාලය...

මැණික්(සුළඟ) said...

නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ
මැණික්(සුළඟ)

ayesha said...

කඳුළු නැතිමුත් ඇහේ තෙරපෙන
තරහා නැතිමුත් අතැර ගිය දින
තනිය මැකුනත් පහන් ටැඹ ලඟ
අතිතයේ රැදි මතක අමතක වේද

පිස්සා පලාමල්ල said...

අතීතයට සමු දෙන එක ලේසි නැහ නේද බන්.

Pasan said...

දැන් මං සුභ පතන්නද.. පහන් කණු​ව ලගට ඉක්මනට යන්න ලැබෙන්න කියල...

ඔං එහෙනන් කිව්ව හොදේ...

Anonymous said...

සතුටුයි......

පොසිටිවු කවියක්....

ෂැඩෝ.....

පහන් තරුව එළි නිවෙනා විකල් යාමයේ
පහන් කණුව එළි දල්වන සොඳුරු යාමයේ
කඳුලක් නෙත තෙත් නොකරනු මැනවි නුඹ හදේ
සිනා මලක් වතක පිපෙනු එයයි හොද මලේ

Naදී said...

අතීතය අතදැකීමක් කරගෙන වර්තමානයට මුහුණ දෙන්න ත් කටුක ඒ මතක වල එලියෙන් යායුතු මං සළකුණු කරගන්න ත් ඉගෙන ගන්න එක තමයි ජීවන දියඹේ නැවත මංමුලා නොවී යා හැකි රහස් ක්‍රමය

Hipo said...

අවසරයි සමු දෙන්න
අහිමි වූ අතීතයට
ඇරයුමයි අනාගතයට
පැතුම් පිරි හෙට දිනට....

තක්ෂිල said...

මතකයක පද වැලක් වගේ):-

Chamila said...

උපමා හරිම ලස්සනයි යාලුවා... අපූරු පදවැලක්..!!!

Shadow/හේමලයා said...

ස්තුතියි සියල්ලන්ටම වටිනා අදහස් හා ප්‍රතිචාර වලට......:)