Saturday, July 31, 2010

සැනසීම....


උඹෙ ඔය හිත කියන....
හිස් කඩදාසිය මත.....
එකම එක පැන්සල් ඉරකි මම....
හිස්බව එක්ක තරඟකරන.....
දරාගෙන රුදුරු තනිකම....
කිසිදාක සිතුවමක් වනු නොහැකි බව....
දනිමි මා එය......
සත්තයි මට ඒ හොඳටෝම ඇති.......

උඹේ ඔය හිත කියන
අන්ධකාර අහසේ...
මං තනි තරුවක්....
එලිය වෙන්නට වලිකන...
දවාගෙන මයෙ හදවත.....
කිසිදාක උදෑසන වනු නොහැකි බව.....
දනිමි මා එය.....
සත්තයි මට ඒ හොඳටෝම ඇති.......

උඹේ ඔය හිත කියන
කාන්තාරයට...
වැටුනු පිණිබිඳුවක් මම....
හිරු එක්ක ඔට්ටුවෙන
ඉන්න තව එක මොහොතක්....
මැකීයන්නට පළමුව......
කිසිදාක වැස්සක් වනු නොහැකි බව....
දනිමි මා එය....
සත්තයි මට ඒ හොඳටෝම ඇති.......

Friday, July 30, 2010

ලකී Seven.....


හරියටම 7වෙනි මාසෙ 7වෙනිදා.....
උදේ 7තේ සිට හවස 7 දක්වා
7තේ 7ම වැදී හිටි මම....
7 පසුවී මිනිත්තු 7යි...
තත්පර 7කට පසු....
නැග්ග 177 බස් එක..
හැම 7ත් පොළකම නවත්තාපු හන්ඳ...
මාතලීට පතන්නා වූ දිශාවකින් හෙණ 7ම
වදීවා යැයි.....
උගේ 7ත් මුතු පරම්පරාවටම ආශීර්වාදකරලා......
වාසනාවන්ත 7තේ ඉල්ලක්කම...
7ත් පාරක්ම ඇති..
Seveන ටිකට් 7ක්ම හීරූ නමුත්...
7වෙනියට ගත් ටිකට් එකට විතරක්.....
රුපියල් 77යි සත 77ක්....
වැටුනු හන්ඳා.....
7ත් පොළක ගාගෙන....
7ත් වාසි ගසා පැරදුනු බූරුවෙකු ලෙස....
7ත් වළාමෙ වෙච්චිදේට 
මක්කොරන්නදැයි කියලා.......
මිනිත්තු 7ක් තියෙද්දි නමයට
සැපත් වුනා ගෙදෙට්ට....
හීන  7ක් බලාන වැටෙන්න කියල ඇඳට.....

Thursday, July 29, 2010

ආදරයෙන් කෑගැසීම.......


බලා හිඳින්නම්
මලක් පිපෙන හැටි..
ආදරයෙන්
සුපසන් සිතකින්......
කියාගන්න බැරි
හිතේ ඇඳුනු පෙම....
සෙමෙන් හදට
කොඳුරා ගනිමින්......

දරාගන්න බැරි
දුකක් වුනත්...
හද පාමුල සඟවා
නෙතු කඳුලින්.....
කුමාරියේ
මඟ බලා හිඳින්නම්..
හිතේ ඇඳුනු
සෙනෙහස නාමෙන්.....

නුඹ හා මොහොතක්
හිඳ හිනැහෙන්නට.....
සවනට මුදු වදනක්
මුමුනන්නට....
ඔය දෑතේ
සැතපී සැනහෙන්නට....
හදවත පවසයි..
නුඹ හමුවන්නට....

උමතුයි සිතිවිලි..
හදතුල නොදැමුණු.....
විමසයි හැමවිට
නුඹ ගැන තොරතුරු.....
නිදි නැති යහනක
තනිවෙමි නිරතුරු....
නුඹ හමුවූ දා සිට
මේ වනතුරු.....

Wednesday, July 28, 2010

දැක්ම....


වලාකුළකින්
මුවාවුනු ඉර ..
නෙතට අඳුනක්...
ලොවට සිහිලක්.

වලාකුළකින්
මුවාවුනු සඳ....
නෙතට කඳුලක්....
ලොවට අඳුරක්...

Tuesday, July 27, 2010

හීන යන්තරේ කළු පෙට්ටිය....


මදුරු දඟරය නම්
ගින්දර වාගෙ ඇවිලෙනවා.....
මදුරුවොත් ඔහේ කැරකෙනවා.....
කන් පැලෙන රොක් සංගීතය
මගෙ හිතේ සාහසික
හිතුම් උපද්දවනවා.....
හැරුනු අතෙ දුවන මයෙ ඔලුව.....
අනවශ්‍ය ප්‍රශ්න දාස් ගානක්....
එකපාර උරාගෙන......
මට හිතන්නැයි බල කරනව....
යලි යලිත්.....
නොනැවතී රවුමේ යමින්........

බාගය ඉවර උනොත් නම්
උඹේ කෙළි හමාරයි...
ඔළුව ඇතුලෙන්
මොකෙක්ද මොරදෙනවා......
ඇත්ත තමා....
උද්දීපනයට වුවමනා කළමනා....
හොයන හිත
ඇවිලෙනවා බුර බුරා...........
දාඩියෙන් පෙඟිච්චි සිරුර.....
මොකකදෝ
නොතෙරෙන වේදනාවකින්
ඇදුම්කනවා හරි හරියට....

මතක මංපෙත් ඔස්සේ.....
අතීතයේ...
විශ්ලේෂනාත්මක චාරිකාවක..
යෙදෙන හදවත.....
යල්පැනගිය 
සිතුම් පැතුම් ගොනු අවුස්ස අවුස්ස....
මොකක්දෝ හොයනවා.....

සද්දෙට කැරකුනාට...
හුලං පොදක් නැති පංකාව වගෙ
මගෙ ජීවිතයත්
ශක්තිය නාස්ති කරමින්...
ප්‍රයෝජනයක් නැතිව.....
එකතැන කැරකෙනවාදෝ කියලා...
මටම නොහිතෙනවා නොවෙයි......

මේ සංකීර්ණ 
හෝමෝ සේපියන් සේපියන් වටිනාකම් 
බල්ලට දාල.....
නියැන්ඩතාල් යුගයේ
පැලපදියම් වෙන්න 
මට හිතුනු වාර අනන්තයි 
නමුත්.....
බ්‍රෝඩ්බෑන්ඩ් නැතුව 
මොන ජීවිතයක්ද කියලා
මතක්වෙච්චි ගමන්....
ඒ හීන ඔක්කොම සයිබර් අවකාශයේ
දියවෙලා යනවා...
මගෙ අවිනිශ්චිත අනාගතයත් එක්කලාම......

Monday, July 26, 2010

ඇයි ?....


අහසත් නෑ....
පොළොවත් නෑ.....
ඒත් වැහි බිඳු වැටෙනවා.....
සතුටත් නෑ...
දුකකුත් නෑ.....
ඒත් කඳුලැලි සැලෙනවා....

I miss you like පිස්සු........


I miss u
මට පිස්සු
හැදිලා වගේ...........
Just wana kiss u
Be with u
වෙනවාදෝ මගේ......
Don't know how to
Live without you
නුඹ නැති දා අනේ......
Just hold me
So warmly.....
නුඹ සෙනෙහේ මගේ...........

ඔය නෙතු ලඟ
සැනහී.....
නිදහසේ පාවෙන්න ආසයි....
I wish
If I could just
Hold on to you සදාකල්.....

සිතුවිලි
ඉබාගාතේ එහෙ මෙහෙ
I don't know what I'm doing......
හදවත නිවහනට
ගොඩවෙන්න ඇවිදින්
Baby I'm still trying.......

Every beat of my
Heart is demanding
for answers හැම මොහොතෙම.......
අකීකරු සිතිවිලි
දිවයයි රහසෙම
සොයා හැමවිට නුඹ පහසම.......

Sunday, July 25, 2010

හදවතේ පින්තාරුව....



සිතුවමකට ලොබ බැන්දෙමි
ග්‍රේ වාගේ
වයසට යන.....
කළු සිතිවිලි ඒකතු කොරලා.....
බලි ඇඳ හදවත
පිනවන......
මුව මදහස....
යට කඳුලට.....
ඉඩ ඇත සිතුවම මතුපිට.....
හිත් කැටපත.....
විත් තනිවට....
මුමුනන මැසිවිලි අහගෙන......
ඉඳින් ඔහොම....
අඳුරු කොනක......
එපා පෙනෙන්නට හෙම මට....

(Inspiration: "The picture of Dorian Grey")..........

Saturday, July 24, 2010

ගමට ලයිට්....


කොටන තුවක්කුවට
"පතරොම්" දමා....
අච්චු කූරෙනුත්
දෙක තුනක් කොටා....
මානලා මානලා
ගැස්සුවාට කොකා........
සද්දෙ විතරයි නෙව...
මේක මට එපා.......

Friday, July 23, 2010

වැරදිකරු ස්වාමිනී.............



බිත්තර කටුවක් දෙනවද
මට හැංගෙන්නට......
ඔබ එනකොට
මා හමුවන්නට........
සිතුවිලි සහසක්
පැතුම් දඩ කොළ
එක්ක උණ්ඩි කරගෙන.........
සොඳුරු අවනඩුවලට
සිතාසි අරගෙන.....
මිහිරි නෝක්කඩුවලට
තර්ක හොයාගෙන......
හාදු වෙඩිසැර එකතු
කරගෙන.......
මදි පාඩුවට මුව සිනහ
අරගෙන......
එන බව දන්නව ඒකයි
මම ඔය හැටි බය...
ඔය සියුමැලි මාංචු කුට්ටමට
මාට්ටු වෙල.....
උඹේ අත්අඩංගුවට
පත්වෙන්ට......

කෙලෙසද ???


කෙදිනද කොතැනද
සිතුවිලි මැවුනේ.....
පෙම් හැඟුමන්
මට නොම දැනුනේ...
නොමදුටු ලෙසකිනි
මුලු ලොව පෙනුනේ....
කෙලෙසද සිත
ආදරයක බැඳුනේ....

සුපුරුදු ඔය රුව
හඳුනන නිතැතින්....
කිම නෙත ගැටුනේ
නුපුරුදු ලෙසකින්....
මින්පෙර නොමදුටු
සුන්දර වෙසකින්...
ඔය රුව හඳුනයි
හදවත පතුළින්.....

මිතුරිය ඔබ හා
පවසන බසෙකින්...
මුවගින් ගිලිහෙන
මුදු මද හසෙකින්...
නෙතු මුණගැසෙනා
මොහොතක් පමණින්..
මා හද පොපියයි
ආදර හැඟුමින්....

Wednesday, July 21, 2010

පොරොන්දුව......


ජීවිතය පොදි බැඳන්
යන්න දුර ඈතක......
එනවාද මා එක්කලා උඹ.......
කඳුල විතරයි
පොරොන්දු වෙන්න
ඇහැකි මට......
හිනාවෙන්නත් බලමු
අපි ඉඳ හිට.......
ජීවිතය පුරාවට
විඳින කරදර ගොන්න
මා එක්ක බෙදා ගෙන
ඉන්න හැකි නම් එන්න......
කඳුලු මල් අතරින්
හිනාවක්ව පිබිදෙන්න.....
වැහිබිඳුවක් වී
මහද කතර වැතිරෙන්න.....

ආමන්ත්‍රනය.....


අයිස් වාගෙ
සීතල වුනත්....
ගලක් වාගෙ
තද වුනත්......
හැමදාමත් සෝබර වෙලා.....
මටම මාව
දැන් දැන් එපා වෙලා.....
ඔහොමම ඉඳපන්
මයෙ සාපලත් හදවත.....
මෙලෙක් වෙන්නට හෙම එපා
උඹ ආයෙමත්...
වතාවක්....
ගලක් වෙලාම ඉඳින්
මයෙ හිත් යායේ......
සුදුස්සෙකුගෙ පාදස්පර්ශයෙන්
පණ ලබන තුරු ආයේ...

Tuesday, July 20, 2010

පලපුරුද්ද....



අර ගුත්තිල
ගුලි කාල...
හොර කොරලා
මූසිල පරද්දපු වෙලේ
දෙවියොත්
අත්පුඩි ගහපු එකේ
මම පොඩ්ඩක් හිටියාම
මොකද වෙන්නේ
ඈ.......

Monday, July 19, 2010

ඩෙංගු එක්ක ඔට්ටු වෙමුද?.


ඩෙංගුවාව මට්ටු කොරන
Weapon එකක් හමුවෙලාලු.......
මැජික් එකක් නෙමෙයි මේක
හැම ගෙදරම තියෙනවාලු.....
ඔය ඔක්කොම Drugs වලට
වැඩියෙන් වැඩ කොරනවාලු.....
හැබැයි ඉතින් නිලලත් අය
තාමත් තරු ගනිනවාලු.....

අනේ බොලල්ලා ජීවක
මහත්තුරුන් ඇස් ඇරෙන්න.....
ගෙඩිය ගෙඩිය අරන් ගහමු
පොල් වෙනුවට දේවාලෙට....
ගෑණු පිරිමි වෙනසක් නැති
මොකද්ද මේ අරුම පැලය.......
හැම අස්සෙම වලට හැදෙන
මේක තමයි පැපොල් කොලය.....

කියුබාවෙන් හම්බෙනතුරු
බලියාගෙන ඉඳිමුද කට.........
අතපය ඩිංගක් හොලවා
පිරිසිඳු කොරමුද වට පිට.......
දන්නා හැමටම කියපන්
අනේ බොලං මේ වතගොත.....
තවත් එකෙක් යන්නට පෙර
ඩෙංගු නිසා වල පල්ලට...



(The following article was extracted from www.dailymirror.lk)
Papaya leaf juice mixed with honey will increase the blood platelet level of dengue patients, claimed a doctor who had treated 20 patients using this method.

Dr. S.M.N. Ameen, a doctor at the Welipitiya ayurveda hospital has treated 20 patients using this treatment. Dr. Pradeep Kumara at the Matara general hospital said although he didn’t know the scientific background regarding the papaya treatment, said there were no complications in giving papaya leaf juice in between liquid diets.

Medical Superintendent of the Aparekka district ayurveda hospital, Dr. W.K.M. Abeysekara also said the juice of the papaya leaf increases the blood platelet level in humans. 

Sunday, July 18, 2010

අවලස්සන...


තිරෙන් එපිට......
දුක දිහා බලන...
කියවන...
රස විඳින....
විඳවන.....
අපි අපිම....
දුක හන්ඳාම
අඬන...
දොඩන...
ලියන...
කෑගහන......
අපි අපිම...........
තිරෙන් මෙපිට දැක්කම
හැබෑ දුක...
නෙත් කෙවෙනියක
ජීවත්වෙන.....
අහක බලන්නේ......
දුක දරාගන්න බැරි හන්ඳාද?

"The girl in the picture is Omayra Sanchez who was a 13-year-old victim of the 1985 eruption of the Nevado del Ruizvolcano, which erupted on November 13, 1985, in ArmeroColombia causing massive laharswhich killed nearly 25,000. Trapped for 3 days in water, concrete, and other debris before she died, Omayra captured the attention of the media as volunteer workers told of a girl they were unable to save"..... 

Saturday, July 17, 2010

ආදරණීය රහස.....


කියාගන්න බෑ
නුඹ හට.....
සිතේ.....
තියෙන සෙනෙහෙ තරම....
හිතාගන්නවත් බෑ මට....
නුඹට මහද....
බැඳුනු අරුම..........

පවසමි නුඹ හට
රහසක්....
මසිත රැඳී ආදරයක්....
සිතාවිදෝ
නුඹ අහිතක්...
මසිතේ සැඟවේ
සැකයක්...

සිත තුල සෙනෙහස
උතුරයි....
මුව අග
පෙම්බස් ගොළුවෙයි...
දෙනෙත නුඹේ රුව
හඳුනයි...
සතුට පිරී
සිත ඉපිලෙයි.....

ලොකුකම........

Thursday, July 15, 2010

Wednesday, July 14, 2010

පරිවර්තනය.......



ගලප ගලපා
ලීව පලියට.....
මකා මකා
කොල ඉර ඉරා......
කවියෙ ලස්සන
හීන වේවිද.....
එලිවැටට
මත් අඩු නිසා....

හිතට දැනෙනා....
සිතුම් අකුරට....
පෙරලුවත්
වැර වැයමින්.....
දැනේවිද
හදවතේ ඇරයුම...
ආලයට
දුර නෑකමින්.....

අහඹු උපමා..
සොයා පීරා
හදේ අහුමුළු
සීරුවෙන්.....
ආල සිතුවම්...
සිලිටි කරලා...
කෙසේ මවමිද..
දූතයන්...........

ඊඩිස්ගේ ආ ගිය කතා.....


ඌරෝ නම් ඇවිත් ගියා....
සාක්කියක්වත් නොතියා....
යන්තම් ඇති ඔයින් ගියා....
කට්ටියටම් හුලං ගියා.....

ඒත් අනේ බලපන්නේ.....
ඩෙංගුවා නෑ නවතින්නේ.....
කියුබාවත් නෑ දෙන්නේ.....
විප්ලවයට කෙලවෙන්නේ.......

එහෙන් මෙහෙන් එකක් දෙකක්...
වැලිගම්පිටි යනකන්නේ..
සුව පාකල මෙත් මීයා....
කට මැදගෙන දතකන්නේ....

දැය ආගම ගැන හිතපන්.....
ඩෙංගුවාට පොල් ගහපන්.....
මරන්න බැරි කමට නෙවෙයි...
පවට බයෙයි මේ විගඩම්........

තමන්ගෙ වතු එළට තියන්
පාරට කුණු පටවාපන්.......
කුහක සිතැගි අකා මකා.....
කසල සමග වලදාපන්.....

බිත්ති බැඳන් වෙන් කෙරුවට.....
නොදුන්නට අපි වීසා......
මදුරුවාට තේරෙනවාද....
අපේ Legitimate බාධා.....

කුල ආගම් ජාති බේද.....
නෑ නොවැ ඔය ඩෙංගුවාට.......
දැඟලුවාට අපි උඩ පැන.....
ලෙයට උඩින් ඇති පොත්තට...

ලොකු ලොකු දේවල් කීවට....
අහස උසට ඉදි කෙරුවට......
වෙලානෙ අද දණ නමන්ට.....
ඇබිත්තියන් මදුරුවාට.....

කවුරු කාට දික් කෙරුවත්...
ඉතුරු ඇඟිලි ටික අපිටයි........
කැඩපතකින් මූණ බලන්....
තව ජුන්ඩක් දෙහිකපපන්.........

Tuesday, July 13, 2010

සංරක්ෂණය....

වැලන්ටයින්ට වරෙන්තුවක්..........

නැන්දෙ මාමෙ මේ බලන්න...
හොඳ නැහැ නොවැ බොරු කියන්න...
දුවත් එක්ක Love කරන්න.....
මට ලයිසොන් එකක් දෙන්න......

Park එකක ඉන්නෙට නෑ
වැඩසිටියෝ ඔරවනයා......
Beach එකට යන්නට බෑ
පොලෝසියෙන් අල්ලනවා......

පෙම් මුල්ලත් හෙණ Upset.....
ගෙරි කොල්ලො ඇහැ දෙනවා.....
බයිස්කෝප් එක්ක ගියොත්
පර්ස් එකට කෙල වෙනවා......

ප්‍රේමයෙ පිවිතුරු බව ගැන...
දැන් හැමෝම බණ කියනවා......
වැලන්ටයින් අහුවුනොතින්....
අනිවා උල ඉන්දුවනවා.....

Love දොස්තර ගනේෂ්ලා......
ආදරයට සිල් කවනවා.......
Love කොරලා නැතැයි උනුත්.....
අනේ අපිට පව් පිරෙනවා.....

ආදරයේ Lethal බව....
පඬිවරු Market කොරනවා.....
එකේ ඇති ආතල් එක…..
Love කොරනා අපි දන්නව....

බලාන ඉන්නට බැරි නම්…..
ඔය ඇස් දෙක පියාගන්න......
සංස්කෘතිය කියනා ඔය….
කඩතුරාව ඉරා ලන්න....

කොරන්න හොඳ නම් සැමටම්….
දකින්න ඇයි පැකිලෙන්නේ.....
හැංඟි හොරා වෙස් බැන්දට
නටන්න වෙන්නේ එළියේ.......

රට ජාතිය ගැන කැක්කුම....
ඇත්තට අපිටත් තියෙනව......
ඒ වුනාට වෙලාවකට....
අනේ අපිත් මද කිපෙනවා.......

නැන්දෙ මාමෙ මේ බලන්න...
හොඳ නැහැ නොවැ බොරු කියන්න...
අවුරුදු ගානක් මේකට.....
මට Pension එකක් දෙන්න......

Wednesday, July 7, 2010

රික්තය..........


එකෝමත් එක
දවසක......
මන්දාරම්
හැන්ඳෑවක......
හීනියට අඩියක්
ගහන අතරේ.....
මැවුනා මට සිතිවිල්ලක්.......
එක්ක මුසුවෙච්චි
පටලැවිල්ලක්.......

අහස හොඳටෝම
කලුවීගෙන එන අතරේ......
මට පුදුම සැහැල්ලුවක් දැනුන...........
සිතට දීප්තිමත් බවක්
දැනුනා....
මේකට හේතුව....
කොයිතරම් දුරට වෙරිමතද?
පරිසරයේ තිබ්බ අන්ධකාරයද?
සුලන් වල තිබුනු ආගන්තුක භාවයද?
කියල මට හරියට නිච්චියක් නම් නෑ....
ඒ වුනාට සිත නම් හිස් කඩදසියක
තියාපු Full-Stop එකක් වාගෙ
පැහැදිලිව පෙනුනු බව නම්
මට දිවුරලා කිව්ව්හැකි.....

හරියට පුංචි
සුරංගනා කතාවක් වගේ......
සුන්දර අවසානයක්
නැතත්....
මුල සහ අග...
කාලයට බාර කරලා....
ජීවිතේ මැද කොටසවත්
මට හසුරවන්න ඇත්නම්
කියලා.....
මට හිතුනා......
හරියට අර JEWELගෙ
සින්දුවක තියෙන්නා වාගෙ....
"මගෙ දෑත් නම් කුඩා බව නම් ඇත්තයි......
ඒ වුනාට ඒවා මගෙමයි"......
කියල මට හිතුන...

හීතල සුලඟත් එක්ක
ජනෙලයෙන් එන හිරිකඩ......
එකපාරටම මගෙ
Alternate Reality එක බිඳ දමල......
හෙණ පාරක් වගේ...
මාව වර්තමානයට
ඇදල දැම්ම.....
ආයෙමත් හීනයට
සෙට් වෙන්න බැලුවත්.......
බොතලේ හිස්වෙලා.......
ජීවිතෙත් හිස්වෙලා වගෙ
මට දැනුනා......

කැරලිකාර ගිනිකූර.......

ආදරණීය නිවහල්බව..

Monday, July 5, 2010

නාකි හුරතලේ.........


චූටි ටීචගෙ චූටි ටෝච් එකෙන්......
රතු චීත්ත දෙජාතියක් තෝරලා......
ගන්නෝ දනිති දන්නෝ ගනිති කියලා........
ලුණුයි ලූනුයි නූලුයි අරගත්තා........

සමරෙගෙ සරමෙ සමර හන්ඳා......
තරහම තරහයි කපන්නද එපාද ඇහැව්වා....
තරහ නම් හරහට පොල්ලක් බැඳන්...
ලිඳේ පන්නිනයි අමර කිව්වා......

සිරිමත් මගෙ සකියකු වුනාට....
යහපත් ලමයෙකු බවත්........
වැඩටත් සමතෙකු බවත් දන්නා
අම්මා නටන්න එපාය කියලා මට බැන්න........

ෆ්‍රිජ් එකේ හිර වෙච්චි ජිරාෆ්ට
හෙම්බිරිස්සාව හැදිච්ච නිසාම.....
රජ්ජුරුවෝ කුඩු කෑ විත්තිය
බක තපස් රකින කොක් හාමි කිව්වා....

බූන්දි කරත්තෙකට යට වුනු
ගාන්ධි තුමාට අපහාස කොරයි කියාල.......
උපාලි මහත්තයාව මුදලාලි
මග්ගොන යවනයි කියලා බැන්න......

නරි කුකුල් දීගය අස්සෙ..
හීන් සැරේ රින්ගපු කටුසු හාමි.......
කිරා බුදිද බං කියාල.......
ඔලොක්කුවට හිනාවෙනවා......

මැංචොසන් සාමිවරයගෙ කතා අහලා
කලකට පස්සේ වෙලකට බැස්ස
කිරිහාමි අයියාගෙ හිසත්
පයත් එකසේ සීතල වෙලාලු.......

බහිරව නිධානය ගොඩ අරගෙන
ඒක සියදොරිස්ගෙ සයිකලේ තියාන......
වැහිවලාකුලට මුවවී අරගෙන ඇවිදින්
ඇලෙක්සිනොෆ්ගෙ කොට්ටේ යට හැංගුවා.......

Sunday, July 4, 2010

ඕනෑකම.....

බම්බුව......


දියමන්තියක
හැබෑ වටිනාකම මොකක්ද?
ඒක හැදිලා තියෙන සංඝටකද?
ඒක ගැන අපෙ හිත්වල
ඇති කෙරලා තියෙන ආකල්පයද?
ඒකෙ සුන්දරත්වයද?
දැඩි බවද?
දුර්ලභත්වයද?
නැත්නම් මොන බම්බුවක්ද?

ජීවිතයක
හැබෑ වටිනාකම මොකක්ද?
ශරීරය හැදිලා තියෙන
ලේ මස් වලද?
ඒක අපෙ හිත්වල
ඇති කෙරලා තියෙන මායාවද?
ආශවද?
වේදනාවද?......
නැත්නම් දිවි ඇති තෙක් අප හඹා යන අසම්පූර්ණත්වයද?
නැත්නම් මොන බම්බුවක්ද?

ආදරයක
හැබෑ වටිනාකම මොකක්ද?
ඒකෙ තියෙන
අයිතිය පිළිබඳ ප්‍රාථමික අසහනයද?
තනිකමට ඇති භීතියද?
එක අපේ හිත්වල
ඇති කෙරලා තියෙන
කෘත්‍රිම සුන්දරත්වයද?
කැපකිරීම මුවාවෙන්
සැනසීම සෙවීමද?
වේදනාවද?......
රාගයද?
නැත්නම් මොන බම්බුවක්ද?

කඳුලු බිඳුවක
හැබෑ වටිනාකම මොකක්ද?
ඒක දියවෙලා තියෙන
අපේ මනස් පථයෙන් ඔබ්බේ
තියෙන සිතුවිලි ප්‍රමාණයද?
ඒකට හේතුභූත වුනු කාරණාවද?
ඒක අපිට ඇතිකරන වේදනාවද?
ඒක දරාන උන් කාලසීමාවද?
සංසිඳුවා ගත නොහුනු......
අසීමිත ආශාවන්ද?......
නැත්නම් මොන බම්බුවක්ද?

මතට තිත........

Friday, July 2, 2010

නැවතිලා බලාපන්.....


දෙමුද ඉඩ පොඩිත්තක්
හිඳ ගන්න සාමයට.....
දමා වෛවර්ණ කන්නාඩි
කුණු කූඩයට....
අහවර කොරමුද දැන්වත්
උපන් ගෙයි පාරට්ටුව....
ලෙහා දමමුද අතීතය නම්
පූජනීය අං තට්ටුව...........
බෙදා වෙන්කරන්නට
තරම් වටිනවද මමත්වය.......
කියාපන් බලන්නට
නිදසට කාරනා සමුච්චය......

එකට එක?
නම් දෙකට දෙකද?
ඇසට ඇසක් ගත් පලියට
අන්ධයාට පේනවාද.......
ලෙයට ලෙයක් ගත් පලියට
හදවත් පණ ලබනවාද....
බිමෙහි ඉඩක් ගත් පලියට
නුඹට හෙටක් තියෙනවාද.......
ඊයේ කොලත් හෙට නොකලත්
අද අතපසු කොරනවාද?

කැගැහුවට පොඩි කූඹි
අපිට උන්ව ඇහෙනවාද.......
ඇහුනෙ නෑ කියා උන්
කෑ නොගසා ඉන්නවාද?........
ඒක හන්දාම එවුන්
ගොලුය නුඹ හිතනවද?
මහ මුහුදේ නිල්පැහය
ජලයේ නුඹ දකිනවද......

අද මෙතැන හෙට අතැන
හැමදාම එකමතැන......
උන්නත් මළත් කොහොම
ඉතිහාසයට වැඩක් නැත.......
අමතකයි අතීතෙට
අන්ධයි අනාගතය.......
උරුම වෙන්නේ අපට
ගිනිගත් වර්තමානය.....

අපි සැනසීමට ලං වෙලාද?
මරණය අමතක වෙලාද?
නැත්නම් මරණිය ජීවිත
අමරණිය සිහින තුල හිර වෙලාද?
මේවාට පිලිතුරක් ඇත්තේ
නුඹෙ හදවතේ......
බලාපන් නැවතිලා.....
හමුවේවි කාරණේ.....