Tuesday, June 22, 2010

අබුද්දස කාලේ හේතු ඵල වාදය.( කෙටි-Length Version එක )


අද
වහින නිසාත්...
හෙට
පායන නිසාත්......
පෙරේදා
ගොරවපු නිසාත්......
අනිද්දාට
පින්න නිසාත්.....
පෙරෙයිදට පලමුදා
මීදුම නිසාත්......
ඉංඅනිද්දාට
මට ෂුවර් එකට කෙලවෙනු ඇත......

ගිය මාසේ
ගං වතුර නිසාත්........
ලබන මාසේ එන
නියඟය නිසාත්.......
ජනවාරිවල
ඡන්දය නිසාත්......
පෙබරවාරිවල
වැලන්ටයින් නිසාත්......
ජූනිවල
IIFA නිසාත්
මේ ජූලියේදී නම්
මට හතේ හතම වදිනු ඇත.......

සින්ඩියට
රිංගන නිසාත්....
බූන්දියේ
ලණු කන නිසාත්.....
මූණු පොතට
LOG වෙන නිසාත්.......
FIFA වර්ල්ඩ් කප්
එක නිසාත්....
UNICODE වල
කොම්බුව නිසාත්.....
මෙ අවුරුදෙත් මට
වැලේ වැල් නැතිවනු ඇත.....

4 comments:

කසුන් නිරoග said...

පට්ට බo.....

Shadow/හේමලයා said...

තැන් කූ වේවා මචං....

Anonymous said...

ඇත්තමයි..අනර්ඝයි...!!
සාමාන්‍යයෙන් කවුරුත් අත නොගසන මාතෘකා නිසා ලොකු වෙනසක් දැනුනා මටනම්..
ඔබට සුභ පැතුම්..!!

Shadow/හේමලයා said...

ඇත්තටම ගොඩක් හිතලා මතල එහෙම නම් නෙවෙයි මෙවා ලියන්නේ.....මට දැනෙනදේ තමා.....Than Q......:D