Thursday, June 17, 2010

නුඹ නැතිදා...


රෑ අහසේ..... සඳ නෑ......
මෝදු වෙලා.....
තරු කැන් පිරිලා......
හද විමනේ....නුඹ නෑ....
රැඳිලා....
ඇය සිත ඇඳිලා......

සඳ නැතිදා.....තරුකැන් පිපුනත්...
මුළු ලොව අඳුරුයි.....
කිසි පල නෑ....
නුඹ නැතිදා.....ඇය මට ලැබුනත්...
මා ලොව අඳුරුයි.....
සිත සුව නෑ....

එක සඳකින්....නික්මෙන කැළුමන්...
නෙක තරු දහසක්...
පරයන්නේ.....
නුඹ නෙතඟින්... ගිලිහෙන කඳුලත්...
ඈ මුව හසකැන්....
පරදන්නේ.....

No comments: