Friday, June 25, 2010

ඔබ එනතුරු....


ආදරණීය........
ඔබ එනතුරු
බලා සිටියෙමි.....
අනන්තය දෙස.....
ඇසිපිය නොසලා....
නෙතු අවිවේකෙන්.....
බලාපොරොත්තුව දෝත දරා....
ඔය නෙතු සඟලේ
කැලුමින් සැනහී
නුඹ මුව මදහස
සිසිලස විඳ ගන්නට...
අසරණ මා සිත පෙරුමන් පිරුවා...
තවමත් මතකයි.....

හෝරා හෝරා ගතවන ඉක්මන
නොදැනේ නොහැඟේ.....
නුඹ.....
හදවිල සක්මන.....
මුලු ලොව නිසලයි....
හදවත සසලයි....
සිතට අකීකරු සිතුවිලි දිවයයි....
අනන්තයේ.....
වැට කඩොලින් ඔබ්බට...

No comments: