Thursday, June 17, 2010

වෙස් මුහුනු බැඳන්..


වෙස් මුහුනු බැඳන්...
ජීවිතයේ....
මායාවට මුවා වෙලා.......
සා මුව කැල මෙන් අනුනගෙ...
ගතියට ආරුඪ වෙලා......
කෙළවර වේවිද මේ රඟ....
කවදා කොතනක හෝ වැද.....

ඉහළට ගෙන ආ ඉනිමග....
මුදුනට ආ පසු කුමටද.....
කළගුණ සලකමු පසුවට...
ඉසගනු වල කල දුටු සඳ....

කියන විලස බණ වැද්දෝ....
ගරු කටයුතු ගුණ ඇත්තෝ....
ඔවා දෙවති වී අමතක.....
වත හෙළිකල බව නිරුවත....

සිතන පතන දේ සඟවා.....
වෙස් බැඳ මුලු ලොව රවටා......
සැඟවුනු මුත් තිර පිටුපස....
නටන්න වෙන්නේ එළිපිට.....

No comments: