Monday, June 28, 2010

රෙදි කපා මසා ඇඳ ගැනීම........


බලහන්කො අරූ මාව
ඇන්ඳුවානෙ........
මේක පට්ට Common
වචන Set එකකි.......
අපේ ජීවිත කාලය තුල අපි
එක එක ඇන්ඳිලිවලට හසුවන්නමු.......
මනමාලියන්ට ඇන්දවිල්ලේ සිට
ගොනාට ඇන්දවීම දක්වාත්
රජ්ජුරුවන්ට සීතාම්බර පට සලුව
ඇන්ඳවීම දක්වාත්.....
ඇතේ එකම
Basic Principle එකකි....
සමහරවිට බලෙන් අන්දවනු ලැබුවත්....
ඉඳ හිට ඇදගෙන නෑමටත්
අපි අමතක නොකරමු......

ඇන්දවීම යනු Art එකකි.....
ඒක ඔය ආවට ගියාට
ප්‍රගුණ කොල හැකි කෙලියක් ද නොවේ........
පේමන්ට් එකේ ඉන්න
ජිල්මාට් වෙලෙන්ඳාගේ සිට
Government එකේ ඉන්නා
ලොකුම ලොක්කා දක්වා……
සියල්ලෝම
මෙම ශිල්පයේ කෙලපැමිනියෝ වෙති.......
දේශපාලනය...
හෙවත්...
දේශය පාලු කිරීමට...
අවැසි ප්‍රධානතම සුදුසුකම වන්නේද
ඇන්ඳීමේ කලාව සම්බන්දයෙන්
(Hon). Degreeයක් ගසා තිබීමයි.......

අපි හැමෝම කන්කෙඳිරි ගාන්නේ
දේශපාලුවෝ.....
අපිට අන්ඳනවා කියාය.......
නමුත් ඇත්ත්ටම ඒක එහෙමද?
මට නම් ෂුවර් නැත........
මොකද
අපේ ශ්‍රී දේශයේ නම් Run වෙන්නේ
ඊට වඩා හත් පසින්ම වෙනස්
Operating System එකක් නිසාවෙනි.......
අපිට
කවුරුත් ඇන්දවිය යුතු නැත.....
එය අපට කොරන
බලවත් අපහාසයකි.....
මන්ද යත් අප රෙදිපිළි තාක්ෂණයේ
අග තැන්පත් ඔස්තාර්ලා හෙයිනි.....
කල යුත්තේ
රෙද්දක් පෙන්වීම පමණි.....
රෙදි කපා මසා ඇඳ ගැනීමෙන්........
නොනවතින අපි එහි හැඩ බැලීමටත්
රුසියෝ වෙමු........
ඒ අපේ හැටිය.....
උපතින්ම අපි දස්සයෝ වෙමු.......

4 comments:

Unknown said...

ඒක නම් ඇත්ත තමයි...
ජයවේවා!!!

Shadow/හේමලයා said...

Than Q වේවා commenටුවට......:D

nalina pathirage said...

ඇත්තට ම උපන් දා පටන් කී පාරක් අපි ඇදගෙන ඇද්ද??

Shadow/හේමලයා said...

@ ඇවරියා.....

ඒ ගැන නම් කවර කතාද.........

ThanQවෙවා Commenටුවට....:D.