Thursday, June 17, 2010

ඔබ නැත තනිවී...


ඔබ නැත තනිවී....
හිඳිමී ඔබ අසලින්....
සිටියත් දුරකින් වෙන්වී....
මා හද ඔබ වෙනුවෙන්.....
වෙන්වූ මුත් පෙරදා කඳුලින්...
නැත සිත ඔබගෙන් වෙන්වී...
නැවතී හිඳිමී තවමත්...
ඔබ වෙනුවෙන්.........

හැන්දෑවට හිරු බැසයත්දී....
අඳුරින් මුළු ලොව මුකුලිත වෙද්දී....
නොදැනේ තවමත්...
මට තනිකමවත්.....
උණුහුම ඇත හද පතුලේ.....
කොහොදෝ නුඹ සැඟවෙන්නේ....
හදවත නෑ පිලිගන්නේ.........

මන්දාරම ලොව හඬවත්දී...
හීතල ගත හිරිගඩු නංවත්දී....
නොදැනේ තවමත්...
ඒ සිසිලසවත්....
උණුහුම ඇත හද පතුලේ.....
කොහොදෝ නුඹ සැඟවෙන්නේ..
හදවත නෑ පිලිගන්නේ.....

No comments: